19.4 C
London
Thursday, June 19, 2025
spot_img

තඹුත්තේගම විරෝධතාවට කදුළු ගෑස්

වයස අවුරුදු 27ක කාන්තාවක් රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වී ඇති සිද්ධියට සම්බන්ධ සැකකරුට උසාවියෙන් අප ලබාදී නිදහස් කිරීමේ සිද්ධියට එරෙහිව එම ප්‍රදේශයේ විශාල ජනතාවක් තඹුත්තේගම පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී තිබේ.

පිරිස විසිරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර තඹුත්තේගම පොලීසිය හංදිය මේවන විට වසාදමා ඇති බව වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීමට කැරලි මර්දන ඒකකය අදාළ ස්ථානයට කැදවා ඇති බවද පැවසේ.

අනතුරුව අදාළ ස්ථානයට ගිය අනුරාධපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධීකාරී එස්.ඩබ්.එම්.සේනාරත්න මහතා එම විරෝධතාකරුවන් පිරිස සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔවුන් විසිර ගිය බව වාර්තා වේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles