තරුණ අසහනය සහ චිත්‍රපට ශාලාවල බොක්ස් තහනම

මුල් දවස් වල පන්ති යනව කියල මහනුවර පැත්තේ හෝල්වලට ගියා…
අපි මෙච්චර කල් හිතන් හිටියේ චිත්‍රපට ශාලාවකදී වැඩිම උනොත් සිප ගැනීමක් කරයි කියල විතරයි…

පසුගියදා ගම්පොල ප්‍රදේශයේ චිත්‍රපට ශාලාවක් තුල චිත්‍රපටයක් නරඹමින් සිටීමේදී තරුණියක් සිය පෙම්වතා අතින් දුෂණය වීමේ පුවතක් වාර්තා වී තිබුණි.

තරුණිය සිය කැමැත්තෙන්ම එම ක්‍රියාවට සහභාගී වුවද තරුණියගේ වයස අවරුදු 16 ට අඩු හෙයින් එය සැලකෙන්නේ ස්ත්‍රී දුෂණයක් ලෙසය.

මෙහි වඩාත් අවධානයට යොමුකළයුතු කරුණ වන්නේ මෙම පැමිණිල්ල ගම්පොල පොලිසියට ගොනුවන්නේ එම තරුණිය දුෂණය කිරීමෙන් පසු නොව, එම තරුණියගේ පෙම්වතාගේ කරදරයෙන් ගැලවීමට වීමය.

පෙම්වතා සිය පෙම්වතිය සමග සිනමා ශාලාවේ සිදුකල එම කටයුත්තෙන් පසුව දිගින් දිගටම තරුණියගේ නිවසට පැමිණ කියා ඇත්තේ තමා අතින් මෙවැන්නක් සිදුවී ඇති බවත් තමාට තරුණිය සමග විවාහ වීමට අවශ්‍යය යන බවත්ය.

පෙම්වත්ගේ කරදරයෙන් ගැලවීම පිණිස තරුණියගේ නිවසේ උදවිය මෙම පැමිණිල්ල පොලිසියට ගොනුකොට ඇත. එතැන් පටන් මෙම සිදුවීම ගලාගෙන යන්නේ මෙය ලංකාවේ බොක්ස් කුටියක් තුල සිදුවූ පළමු සිදුවීම ලෙස හුවා දක්වමිනි.

චිත්‍රපට ශාලාවල බොක්ස් කුටි පැවතුනේ ඉතා ඈත අතීතයේ පටන් වන අතර ඒවා මුලින්ම හදුන්වා දුන්නේ පවුලේ සියල්ලන්ටම එකට හිඳ නැරඹිය හැකිවන සේ ඉදිවුන “ෆැමිලි බොක්ස්” හරහාය. නමුත් කාලයාගේ ඈවමෙන් ෆැමිලි බොක්ස් අභාවයට යන අතර පෙම්වතුන්ගේ අවශ්‍යතා සැපිරීම සඳහා සිනමා හල හිමියන්ගේ ඉල්ලේම පරිදි “කපල් බොක්ස්” ඉදි විය.

කපල් බොක්ස් සඳහා මෑතකාලය තුලදී වැඩි ඉල්ලීමක් ඇතිවුයේ රටේ ඇතිව තිබෙන්නාවූ තරුණ අසහයනත් සමගය. ලිංගිකත්වය මැජික් එකක්වන ලංකාවේ එය අත්හදා බැලීමට යන තරුණ පිරිස් බොහෝ ය. ගාලු කොටු පවුරේ, මාතර වෙරල තීරයේ අවට ඒ කාලයේ පෙම්වතුන් ගැවසුන්ද දැන් ඒවා තහනම් කොට ඇත. වෙරල තීරයකට ගියහොත් සිදුවන්නේ නිල චිත්‍රපට තනන පිම්පියෙකුගේ ගොදුරක් වීමටය. උද්‍යානයක් වෙත ගියහොත් සිදුවන්නේ එහි සිටින වෙළෙන්දන්ට සල්ලි පුජා කිරීමටය.

එම තත්වය තුල පෙම්වතුන්ට රුපියල් හාර පන්සියයක් දී බොක්ස් එකක් තුලට යාම එකම විසඳුම වී ඇත. නමුත් මෙහි ඇති බරපතල තත්වය වනුයේ බාල වයස්කාර දැරියන් මේ තත්වයන්ට ගොදුරු වී තිබීමයි.

අනෙක් පැත්තෙන් බැලු කල ගනිකාවන්ද දැන් වඩා ආරක්ෂාකාරී සේවාවක් ලබාදෙම සඳහා බොක්ස් කුටිය සිය සේවා ස්ථානය කරගෙන ඇත. ගම්පොල චිත්‍රපට ශාලාවක් තුල දුෂණය වූ තරුණිය ඒ පිලිබඳ පවසන්නේ මෙවැන්නකි.

“මුල් දවස්වල පන්ති යනව කියල මහනුවර පැත්තේ හෝල් වලට ගියා. ඒ ගිහින් චිත්‍රපට බැලුව විතරයි. ඊට පස්සේ එක දවසක් ගම්‍පොළ චිත්‍රපට ශාලාවේ බොක්ස් එකකට එයා මාව එක්කරගෙන ගියා. එදා කතා කර කර හිටියා විතරයි. දෙවැනි පාරට ගියාම අපි දෙන්නා සිපගත්තා. පස්සේ දන්නෙම නැතුව වෙන්න තියෙන දේවල් සිද්ධ වුණා”

පොලිසිය මෙතෙක් කල් බොක්ස් පිලිබඳ සිටි ආකල්පය ඒ පිලිබඳ පැහැදිලි කර උසස් පොලිස් නිලධාරියෙකුගේ පහත අදහසින් පැහැදිලි වේ.

“අපි මෙච්චර කල් හිතන් හිටියේ කොල්ලෙක් කෙල්ලෙක් චිත්‍රපට ශාලාවකදී වැඩිම උනොත් සිප ගැනීමක් කරයි කියල විතරයි. එහෙත් ඊට එහා ගිය කටයුතු පවා චිත්‍රපට ශාලා තුළ සිදුවන බව ගම්‍පොළ චිත්‍රපට ශාලාවෙදී බාල වයස්කාර දැරියක් දූෂණය වීමෙන් පැහැදිලියි. ඒ වගේම තමයි බොක්ස් ආසන කුටි බොහෝ චිත්‍රපට ශාලාවල පවත්වා ගෙන යන්නේ පෙම්වතුන්ට මේ විදියට නිදහසේ පෙම්සුව විඳින්න මිස චිත්‍රපට නරඹන්න නොවන බවත් පැහැදිලියි”

චිත්‍රපට ශාලා තුල මෙවන් සිදුවීම සිදුවියේ මෙයට බොහෝ කලකට පෙර පටන් බව අන්තර්ජාලයට නිකුත් වුනු බොක්ස් තුල පටිගත වූ වීඩියෝ සාක්ෂි දරනු ඇත.

මෙවන් සිදුවීමක් සිදුවූ පමණින් බලධාරීන් හට සිනමාහල් වල බොක්ස් තහනම් කල නොහැක. මන්ද චිත්‍රපට ශාලාවල මුලිකම ආදායම වනුයේ “බොක්ස්” ටිකක්ට් පත් අලෙවිය නිසාවෙනි.

ගැටලුවට එවන් තාවකාලික පැලැස්තර දීම තුලින් එම ප්‍රශ්නය ඔඩු දුවා වෙනත් තැනකින් පුපුරා යා හැක. උද්‍යාන තහනම, වෙරල තීර තහනම, නිල් චිත්‍රපට තහනම , අසභයය වෙබ් අඩවි තහනම යන සියලු ක්‍රියා මෙම ප්‍රශ්නයට යොදනු ලැබූ තාවකාලික පැලැස්තර විසඳුම් ය.

ලිංගිකත්වය සඟවා එය උඩින් වාඩිවී නවගුණ වැල අතේ තබාගෙන සිටින චරිතය ඉවත්කොට ඉන් එහාට ගිය විසඳුමක් කෙරෙහි වගකිව යුත්තන් අවධානය යොමුකළ යුතුය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...