ගල්කිස්ස අත්තිඩිය ප්‍රදේශයේ මේ මහල් නිවාසය කුලී පදනම මත ලබාගෙන කලකට පටන් තරුණියන් මුදලට විකීණිමේ ජාවාරම පවත්වාගෙන ගොස් ඇත. මෙම ගණිකා ජාවාරම ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ඕනෑම වයස් සීමාවක කාන්තාවන් ලබා දීමේ ස්ථානයක් ලෙසටයි.
සූක්ෂම අයුරින් ජාවාරම පවත්වාගෙන යන කාන්තාව දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් ජාවරමේ තතු හෙළිකර ගැනීමට හිරු CIA කණ්ඩායම සමත් වී ඇත.
මෙම ස්ථානයේ කාන්තාවක් රු. 25000 ක වැනි මුදලකට අලෙවි කිරීම සිදුවේ. අලෙවි කිරීමට කාන්තාවන් කොළඹ විවිධ ප්‍රදේශ කරා රැගෙන යන්නේ ජංගම ත්‍රිරෝද රථ වලිනි.
ජාවාරමේ තතු හෙලිකරගත් පසු වලාන දුෂණ මර්දන ඒකකය විසින් මහල් නිවාසය වටලා ගණිකා ව්‍යාපාරයට සම්බන්ධ කාන්තාව සහ අනෙකුත් තරුණියන්, ත්‍රිරෝද රථ රියදුරෙක් අත්අඩංගුවට ගැණුනි.