19.4 C
London
Thursday, June 19, 2025
spot_img

තව වසර 4කින් ලංකාවෙන් හඳට​

“සුප්‍රීම්සැට්” නම් පුද්ගලික සමාගමක් දකුණු පළාතේ කොග්ගල ප්‍රදේශයෙන් අක්කර 30 ක භුමි ප්‍රදේශයක් මිළදී ගෙන ඇති අතර එහි ගගනගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් හා චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම්කොට තිබෙනවා. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජනයක් යෙදවිමට තිරණය කර ඇති අතර එහි වැඩකටයුතු ලබන වර්ෂයේදී ආරම්භ වීමට නියමිතයි.

එම සමාගමේ කළමණාකාර මනිවන්නන් මහතා පවසන්නේ තවත් වසර 4 කින් ශ්‍රී ලංකික ගගනගමියෙකු උඩු ගුවනට යාම සිහිනයක් නොවනු ඇති  බවයි. ඔහු වැඩි දුරටත් පවසනුයේ මේ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ උදව් නොමඳව ලැබෙන බවත් ආයෝජන මණ්ඩලය හා විදුලි සංදේශ කොමිෂන් සභාව මේ සඳහා තමන් ධෛර්යයමත් කරන බවයි.

ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා වෙන්න පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීම තම බලාපොරොත්තුව බව ජනාධිපති තුමාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මීට පෙර පවසා තිබුණා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles