තහනම් කළ අංගම්පොර ජනපති කරලියට ගෙනෙයි

ඈත අතිතයේ සිට පවතින ශ්‍රී ලංකාවේ අංගම්පොර සටන් කලාව ජාතික ක්‍රිඩාවක් වශයෙන් දියුණු කිරීමට පියවර ගන්නැයි අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දී ඇති බව‍ට වාර්තාවේ.

අංගම්පොර සටන් කලාව ක් ලෙස ජාතික ක්‍රීඩා සංගමයක් තුළින් දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නේ යැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ආයුධ නොමැතිව ශරීර අවයව වලින් පමණක් කරන ශ්‍රී ලංකාවට ආවේණික සටන් කලාවක් වන අංගම්පොර සටන් කලාව ලෙස වසර 30000 කට අධික අනාධිමත් කාලයක සිට පැවත එන ආත්මාරක්ෂක, ක්‍රීඩා ව්‍යායාම හා භාවනාව කැටිකර ගත් සටන් කලාවක් ලෙස ප්‍රචලිත නමුත්, අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමෙන් පසු විශේෂයෙන් ඉංග්‍රිසි අධිරාජ්‍යය අංගම්පොර සටන් කලාව තහනම් කර තිබේ.

ගැටපූට්ටුව, පොර හරඹ හා මරුකල යන ක්‍රීඩා තාක්ෂණික අංගයන්ගෙන් යුත් අංගම්පොර සටන් කලාව අතීතයේ සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වී තිබූ නමුත් 1948 නිදහසින් පසුව කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරළයෙන් ආරම්භ වී තිබේ.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවය ඔපවත් කරන අංගම්පොර සටන් කලාව දිවයිනේ ග්‍රාමීය මට්ටමේ සිට යළි ගොඩ නැගීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා සංගමයක් ලෙස අංගම්පොර ක්‍රීඩාව දියුණු කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ක්‍රීඩා අමාත්‍යමහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

2001 වර්ෂයේ ජාතික හෙළ අංගම් ශිල්ප කලා සංගමය සංස්කෘතික අමාත්‍යාංශයේ සහයෝගයෙන් ආරම්භ කර ඇති අතර, දැනට දිවයිනේ විසිරී සිටින අංගම්පොර සටන් ශිල්පය පිළිබඳ විශේෂ දැනුමක් තිබෙන සටන් ශිල්පීන් කැඳවා ජාතික ක්‍රීඩා සංගමයක් පිහිටුවීම පිළිබඳ ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...