Ceylon Gossip ත්‍රීවිල් – දුම්රිය අනතුරකින් හයක් මරුට By ceylonradio - November 29, 2012 0 134 FacebookTwitterPinterestWhatsApp අඹන්පොළ දෑතව හන්දියේ දුම්රිය හරස්මාර්ගයේදී ඊයේ (28) පෙරවරු 9.00 ට පමණ සිදුවූ දුම්රිය ත්‍රිරෝද ගැටුමෙන් 06දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ. අනතුරු සිදුවූ එස්ථානයේම 04දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර රෝහල් ගතකිරීමෙන් අනතුරුව තවත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම ත්‍රිරෝද රථයේ 07දෙනකු ගමන් කර ඇති අතර අසාධ්‍ය තත්වයේ පසුවන එක් කාන්තාවක් කුරුණැගල රෝහලේ දැඩිසත්කාර එකකයට ඇතුළත්කර තිබේ. එම අනතුරින් අඹකොළ වැව පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙකු වන ඩබ්ලිව්. උදය ආසිරි විජේකොන්, 33 හැවිරරිදි ඔහුගේ බිරිය අයි. බී. එම්. තමරා රෝහිනි, 16හැවිරරිදි දියණිය උපේක්ෂා හා 05 හැවිරරිදි පුතා නිසල් යන අය එම ස්ථානයේම මියගිය අය අතර වෙති. ජීවිතක්ෂයට පත් වූවන් අතර තවත් කාන්තාවන් දෙදෙනෙකුද වේ. Share