12.6 C
London
Thursday, May 15, 2025
spot_img

තායිලන්තයේ ලෝම කුමරිය

තායිලන්තයේ ඇඟ ලෝමවලින් පිරුණු ගැහැනු ළමයෙක් ඉන්නවා. බැංකොක් නගරයේ ෆානකෝන් හී පදිංචි ඇගේ නම සුපත‍්‍රා සසුපාන් (Supatra Sasuphan) ලෝකයේ ලෝම කුමරිය ලෙස ඇය කිරුළු පැලැන්දා පමණක් අද ඇය මේ නිසාම ලෝක ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා.

ඇය රෝම බහුලත්වය හෙවත් රෝමසතාව (Hirsutism) මනින ෆෙරිමන් ගැලවේ ක්‍රමයට අනුව ඇය මෙතෙක් ලොව රෝම වැඩිම තැනැත්තා ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. මෙය සිදු වූයේ 2010 මාර්තු 4 වැනිදා ඉතාලියේ රෝම නගරයේ දී ඇය සහභාගි වූ විශේෂ ටෙලිවිෂන් වැඩ සටහනකදියි.

එම වැඩ සටහන ඉදිරිපත් කළ මාකෝ ෆි‍්‍රගටි කීවේ, ”ඇය විස්මයජනක පුංචි කෙල්ලක්. ඇයට ස්වභාවයෙන් ම මේ ලැබුණු තත්වය ගැන ඇය ආඩම්බර වෙනවා. ඇය කියන්නේ ඇයටත් අනෙක් අයට වාගේ සමානව සලකන්න කියායි. මේ තත්වය ඇය ප්‍රශ්නයක් නැහැ. ඒත් මේ වෙනස නිසා අනිත් අය ඇය දිහා වෙනස් විදියකට බලාවිදැයි යන්න තමයි අපට තියෙන ගැටලූව” කියායි.

සුපත‍්‍රා කියන්නේ, ඇයට එහෙම වෙනසක් නොදැනෙන බවයි. ”මට පාසලේදිත් ගොඩාක් යාළුවො ඉන්නවා.” දැන් ඇය ලෝක ප්‍රසිද්ධයට පත් වෙලා තියෙන්නෙ.

”මං පළවෙනි වතාවට තමයි මං තායිලන්තයෙන් පිටට ගියේ.” ඇය ඉතාලි ගමන ගැන කියනවා. ”මට මේ අතින් ලෝකයේ පළමු වැනියා වෙන්න ලැබීම ගැන සතුටුයි. එදා තමයි මගේ ජීවිතයේ වඩාත් සතුටු වුණු දවස.”

කොහොම උනත් කලාතුරකින් හැදෙන ලෙඩක් හැදුනත් මේ දරුවා වාසනා වන්තයි. මොකද කියනවා නම් සාමාන්‍ය ජිවිතයක් ගෙවන්න අධ්‍යාපනයක් ලබන්න පුළුවන් කම ලැබිල තියෙන නිසා. ලංකාවේ දැන් ඉන්න සමහර ගුරුවරු නම් ඔහොම ළමයෙක් දැක්කොත් ඉස්කෝලෙට එන්නත් එපා කියාවි. පහුගිය දාක එහෙම දෙයක් උනා වගේ මතකයි.

http://youtu.be/nqgvX_VxSnA

 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles