19.2 C
London
Monday, May 19, 2025
spot_img

තියුණු සටනකින් පසු නවසීලන්තය දිනයි

තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමින් නවසීලන්ත කණ්ඩායම චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන් ජය ගැනීමට මීට ටික මොහොතකට පෙර සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 138ක් ලබාගත් අතර නවසීලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් විණ.

නවසීලන්තයට මෙම තරගය ජය ගැනීමට බැලූ බැල්මට අඩු ලකුණු සංඛ්‍යාවක් වුවද එහි ජය ලෙහෙසියෙන් ලබා ගැනීමට නොදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පිලේ අවසන් කඩුල්ල ඩැහැ ගැනීම දක්වා සටන අතහැරියේ නැත.

නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 4ක් බිඳ හෙළමින් ලසිත් මාලිංග මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහි අවසානයක් කරා ළඟාකරවීමට උත්සාහ කළේය.

කෙසේ වුවද ලසිත් මාලිංගගේ පන්දුවාර 10 නිමවීමෙන් පසු තිලකරත්න ඩිල්ෂාන් යැව් පන්දුවාරයකදී වයිඩ් පන්දුවකින් ජයග්‍රාහී ලකුණු සපුරා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයින් සමත් විය.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් නෙදන් මැක්මිලම් ලකුණු 32ක් හා මාටින් ගුප්ටිල් ලකුණු 25ක් ලබා ගත්හ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles