තිලකරත්න දිල්ෂාන් ටෙස්ට් දිවියට සමුදෙයි. October 9, 2013 Comments Off on තිලකරත්න දිල්ෂාන් ටෙස්ට් දිවියට සමුදෙයි. 1 Views ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න දිල්ෂාන් ටෙස්ට් කි‍්‍රකට් ක‍්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඔහුගේ එම තීරණය හෙට (10) දිනයේදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ. 1999 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම සමඟ බුලවායෝහි පැවති තරඟයෙන් ටෙස්ට් වරම් දිනා ගත් දිල්ෂාන් මේ දක්වා ක‍්‍රීඩා කර ඇති තරඟ සංඛ්‍යාව 87 ක්. එහිදී ඉනිම 145 කට ක‍්‍රීඩා කර ඇති දිල්ෂාන් ලබාගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 5492 ක්. මේ අතරට ශතක 16 ක් සහ අර්ධ ශතක 23ක් ඇතුළත්. තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකු වන දිල්ෂාන් පන්දු යැවීමේදී ද දක්ෂතා පෙන්වා තිබෙනවා. ටෙස්ට් දිවියේ දිල්ෂාන් ලබා ගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 39 ක්. දිල්ෂාන් ටෙස්ට් දිවියෙන් සමු ගැනීමට පෙර අවසන් වරට බංග්ලාදේශය සමඟ පසුගිය මාර්තු මාසයේදී ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේදී තරඟ වැදුණා. එහිදී දිල්ෂාන් පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවී ගිය අතර දෙවැනි ඉනිමේදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 57 ක්. Share awesome featured Latest slider spotlight 2013-10-09 ceylonradio Share Facebook Twitter Google + Pinterest