19.2 C
London
Monday, May 19, 2025
spot_img

තෙල් කාන්දුවෙන් තල්මසුන්, ඩොල්ෆින්, කැස්බෑවුන් සහ සාගර පක්‍ෂීන්ට දැඩි හානි

පානදුර මුහුදේදී ගිලී ගිය තෙල් නෞකාවෙන් කාන්දු වූ බොරතෙල් හේතුවෙන් තල්මසුන්, ඩොල්ෆින්, කැස්බෑවුන් සහ සාගර පක්‍ෂීන්ට දැඩි හානියක් සිදු විය හැකි යයි කොරල් පර හා සාගර පක්‍ෂීන් පිළිබඳ පර්යේෂක ප‍්‍රසන්න වීරක්කොඩි මහතා අනතුරු අඟවයි.

මොරටවු හා කල්පිටිය දක්වා මුහුදු සීමාවේදී මේ දිනවල විශාල වශයෙන් තල්මසුන් හා ඩොල්ෆින් හසුන් මේ දිනවල දැකගත හැති බවත් ඔහු පෙන්වා දෙයි.

‘ඩොල්ෆින් රංචුවක දහස් ගණන් සිටිනවා. තල්මසු රංචුවක 40-50ත් සිටිනවා. මේ සතුන් පෙනහළු වලින් හුස්ම ගන්නා ක්‍ෂීරපායි සතුන්. මේ සතුන් හුස්ම ගැනීමට ජලය මතුපිටට පැමිණිය යුතුයි. ක්‍ෂීරපායී නොවන කැස්බෑවුනුත් එසේමයි. මේ සතුන් ජලය මතුපිටට එනවි තෙල් තට්ටුවක් තිබුනොත් උනගේ ශරීරයේ පතිත වෙනවා. ඇස්වල හුස්ම ගන්නා ස්ථානවල තෙල් තැවරිය හැකියි. ශ්වසන පද්ධතියට ඉන් බලපෑමක් විය හැකියි.

ඒ වගේම සංචාරක පක්‍ෂීන් ශ්‍රී ලංකාවට එන කාලයක් මේක. විශේෂයෙන් සංක‍්‍රමණික මුහුදු පක්‍ෂීන් දහස් ගණනින් එනවා. උන් ජලයේ කිමිදීමෙන් තමයි ආහාර සෙයො ගන්නේ. මෙම පක්‍ෂීන් තෙල් සහිත ස්ථානයක කිමිදුනොත් උන්ගේ ඇස්වලට, පියාපත්වලට හානි සිදුවිය හැකියි.’ යයිද ඔහු පවසයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles