16 C
London
Thursday, November 13, 2025
spot_img

තේරීම් කමිටුව ලෙස අපි හැමවිටම සම්පූර්ණ නැහැ – සභාපති සනත් ජයසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් ක්‍රමවේදයන් විනිවිද කිරීම තුළ නිවැරදි තේරීමක් බලා‍පොරොත්තු විය හැකිය. මේ නිසාම තේරීම් රටාව කෙසේද යන්න මාධ්‍යයට එළිදැක්වීමත් මාධ්‍යයට තේරීම් ක්‍රමය ගැන දැනුවත් වීමත් යන අවශ්‍යතා දෙක සඳහාම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුව ඊයේ මාධ්‍යයට කරුණු දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එක්වීම ඇත්තටම කාලෝචිත පියවරකි.

ක්‍රිකට් පිටියේ එදා වීරයා වූ ප්‍රහාරාත්මක වමත් පිතිකරු සනත් ජයසූරිය ඊයේ හඬ අවදි කළේ අපි කරන හැම දෙයක්ම හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් අපේ යුතුකම වඩාත්ම හොඳ දේ කිරීමයි යන්න අවධාරණය කරමිනි.

අපි කැමතියි විශේෂයෙන් යොවුන් ක්‍රීඩකයින්ට උපරිම අවස්ථාව ලබා දෙන්න. මම කියන්නේ නැහැ හැම තරගයක්ම දෙන්න ඕන කියා. හිටපු තේරීම් කමිටුවක් කියලා තබුණා එක දිගට තරග 50 ක්වත් ක්‍රීඩා කිරීමට අවස්ථාව දෙනවා කියලා. ඉතින් කොහෙද ඒක වුණාද? අපටත් අවශ්‍යයි උපරිම අවස්ථාව දෙන්න. මේ නිසා තමයි පසුගියදා අපි ‍‍‍ජ්‍යෙෂ්ඨයින්ට විවේක ගැන්වීම්ද කරමින් ක්‍රමවේදය දියත් කළේ යනුවෙන් ජයසූරිය තම කණ්ඩායමේ කර්තව්‍යය ගැන පැහැදිලි කළේය.

පැරණි ක්‍රීඩකයෙකු හැටියට ජෙහාන් මුඛාරක් කැඳවූයේ ඇයි ද යන්න ප්‍රශ්න කළ විට ජයසූරිය අවධාරණය කළේ ඔහුගේ මෑතකාලීන දක්ෂතා අනුව මැද පෙළ ශක්තිමත් කිරීමට ඕවර විස්ස – 20 සඳහා එක් කරනු ලැබූ බවත් එය හරියාකාරව ක්‍රියාත්මක නොවීම (එනම් මුඛාරක්ගේ කාර්යය නොවීම) තුළ තේරීම් කමිටුව කරන හැම දෙයක්ම හැමවිටම සිදු නොවන බවට මෙය හොඳ නිදසුනක් ද වන බවයි.

විශේෂයෙන් කිව යුතුයි සංචාරයකට එක්වන තේරීම් කමිටු සාමාජික හැමවිටම කණ්ඩායමේ අවසන් දොළොස් දෙනා තීරණය කර ලංකාවේ සිටින තේරීම් කමිටු සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමේ ක්‍රමවේදය අපි පවත්වාගෙන යනවා. අනෙක් අතට කළමනාකරු, පුහුණුකරු, නායකයා සමග සංචාරයකට එක්වන තේරීම් කමිටු සාමාජික එක්ව තීරණ ගත්තේ. මේවා සාමාන්‍ය ලෙස සිදුවන දේ බව ජයසූරිය පැහැදිලි කළේය. රිවිර ඇසූ ප්‍රශ්නය වූයේ තේරීමෙන් පසුව ක්‍රීඩකයන්ට මෙම තේරීම් ක්‍රමය අනුව ඔහුගේ සුදුසු නුසුදුසු බව පැහැදිලි කිරීම තේරීම් කමිටුවෙන් සිදුවේද යන්නය. ජයසූරිය මෙම පැනය ඉතා වැදගත් බවත් මුලදී මෙය සිදු වුවත් දැනට සියලු ක්‍රීඩකයන්ට සිදු නොවන නිසා මෙය හොඳ යෝජනාව ක්‍රියාත්මක කරන බවද පවසා අපි තේරීම් කමිටුව ලෙස සියල්ල සම්පූර්ණ නැහැ. අපිව දැනුවත් කිරීමට මාධ්‍ය පැමිණීම සතුටුයි. ඒ වගේම අපි බැඳී සිටිනවා මාධ්‍යය අපෙන් අසන දේට ඕන විටක පිළිතුරු දෙන්න යැයි අවධාරණය කළේ සාර්ථක ක්‍රිකට් තේරීම් සඳහා සැමදෙනාගේ යෝජනා මෙන්ම අදහස් අවශ්‍ය බව අවධාරණය කරමිනි.

Rivira

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles