ඩිජිටල් රූපවාහිනී සහ ඩිජිටල් සිනමාව සඳහා උපකරණ නිපදවන ලොව ප්‍රධානතම සමාගම වන ඇමරිකාවේ බ්ලැක්‌මැජික් සමාගම විසින් නිර්මාණය කළ බ්ලැක් මැජික් ඩිජිටල් කැමරාවේ දකුණු ආසියාතික රටවලට නිකුත් කරනු ලැබූ පළමු කැමරාව ශ්‍රී ලංකාවට ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ පැරැණිම රූපවාහිනි හා සිනමා නිෂ්පාදන ආයතනයක් වන ‘ෆ්යින් විෂන්’ ආයතනයට මෙම කැමරාව ලැබී ඇත.
මෙම කැමරාව වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර අවසාන ගුණ දොස් පරීක්‍ෂා කොට වාර්තාවක් බ්ලැක්‌මැජික් සමාගමට සැපයීම සඳහා මෙම කැමරාව ‘ෆ්යින් විෂන්’ ආයතනයට පිරිනමා ඇත.
2.5 ප්‍රමිතියෙන් ඩිජිටල් රූප පටිගත කළහැකි මෙම කැමරාව ඇතුළු බ්ලැක්‌මැජික් උපකරණ සඳහා ශ්‍රී ලංකාවේ වෙළෙඳ නියෝජිතයන් වන්නේද ෆයින් විෂන් ආයතනය වේ.