මස් කිලෝ 16ක් සමග අත්අඩංගුවට
අනුරාධපුර නගරයේ සුපිරි හෝටල්වලට සහ භෝජනශාලාවලට මුව මස් සැපයු පුද්ගලයෙකු මුව මස් කිලෝ 16 ක් සහ යතුරු පැදියක් සමග අනුරාධපුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර නගරයේ කඩ 12 ප‍්‍රදේශයේදී සැකකරු ඉටි උරයක බහාලූ මුව මස් කිලෝවක් බැගින් වු උර 16 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදී මෙම මුවන් ඝාතනය කරන තැනැත්තාද මාන්කඩවල ප‍්‍රදේශයේදී කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මාන්කඩවල තලාව ඇල රක්‍ෂිතයට හොර රහසේ ඇතුලූ වී බඳින තුවක්කුවක් සවිකර තිත්මුවෙකු ඝාතනය කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.
තිත් මුවදෙනට වෙඩි වැදීමෙන් අනතතුරුව සැකකරු විසින් දඩයම් සඳහා පුරුදු කරන ලද බල්ලන් යොදා වෙඩි ප‍්‍රහාරයට ලක්ව කැලයේ සැඟවුණු මුවදෙන සොයා ගෙන බල්ලන් ලවා මරා දමා මස් සකසා ඇති බවද පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තිත් මුවදෙනගේ හම සහ පාද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මුවන් ඝාතනය කරන්නා මස් කිලෝවක් මස් බෙදා හරින්නාට රුපියල් 350 ක මුදලට ලබා දි ඇති අතර මස් බෙදා හරින්නා එම මස් කිලෝවක් රුපියල් 500 ක මුදලකට අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි.
අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න සහකාර පොලිස් අධිකාරි කැළුම් සී. තිලකරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පො.ප එම්.එස් කුමාරසේන මහතා ඇතුලූ නිලධාරීන් පිරිසක් වැටලීම සිදුකොට ඇත.
Lakbima
ජායාරූප සටහන අනුරාධපුර – බුද්ධික මහේෂ් විජේසුරිය