22.6 C
London
Thursday, June 19, 2025
spot_img

දවසේ පලාඵල​

වර්ශ 2013 ජූලි මස දා හත්වැනිදා සිකුරාදා

12 මේෂ​

ආත්ම ශක්තියෙන් යුතුව තම එදිනෙදා ජීවිතයට මුහුණදීමේ හැකියාව ඇතිවේ. ගේ දොර ඉඩ කඩම් මෙන්ම චංචල දේපළ නිසා නීතිමය ප්‍රශ්න ඇතිවීමට පුළුවන.

ජය අංකය 06

6වෘෂභ

පවුල් ජීවිතය තුළ ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් නිසා නොයෙක් බාධා කම්කටොලුවලට මුහුණදීමට සිදුවේ. ඒ සියල්ලට ඉවසීමෙන් හා උපෙක්ෂා සහගතව මුහුණදීමේ ශක්තිය ඇතිවේ.

ජය අංකය- 09

5මිථුන

අවිවාහක අයට මංගල යෝග ක්‍රියාත්මක වන අතර ආදර සබඳතා ස්ථීරවේ. ඉක්මන් තීරණ නිසා පසුව පසුතැවිලිවීමට පවා හේතුවේ.

ජය අංකය- 07

10කටක

රැකියා කටයුතුවල මෙන්ම බාහිර ගමන් බිමන් නිසා ද වැඩි වෙහෙස මහන්සියක් ඇතිවේ. විශේෂයෙන් ඈත පළාත්වල ගමන් බිමන් යෙදීමෙන් විවේකය සීමාවේ.

ජය අංකය- 08

 4සිංහ

විරුද්ධ ලිංගිකයින් හා ඇසුරට වැඩි වශයෙන් අවස්ථාව උදාවේ. නව ප්‍රේම සබඳතා මෙන්ම විරසකව සිටි අය පවා නැවත ඇසුරු කිරීමට අවස්ථාව උදාවේ.

ජය අංකය- 09

9කන්‍යා

ගායනා ක්ෂේත්‍රයේ යෙදෙන අයට තම කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවන අතර වෙනත් කලා ක්ෂේත්‍රයන් හි නිරත අයට යහපත් දිනයකි.

ජය අංකය- 07

2තුලා

මුදල් ඉපැයීම සඳහා සිත යොමුවේ. එමෙන්ම තම මුදල් අවශ්‍යතාවයන් නිසා ණය වීමට හෝ ගේ දොර පවා උකසට තැබීමට ද සිත යොමුවේ.

ජය අංකය- 02

1වෘෂ්චික

නිෂ්ඵල ගමන් බිමන් නිසා වැඩිහිටියන්ගේ දෝෂාරෝපණවලට හේතුවේ. ආගමික ස්ථාන, ළමා නිවාස, වැඩිහිටි නිවාස ආදි පුණ්‍ය ස්ථාන සඳහා තම ශ්‍රමය වැය කිරීමට සිත්වේ.

ජය අංකය- 09

8ධනු

අවිවාහක අයගේ ප්‍රේම සබඳතාවලට වැඩිහිටියන්ගේ විරෝධය එල්ල වීමට ඉඩ ඇත්තේය. හදිසි තීරණවලට එළඹීමෙන් පසුව දුක්වීමට හේතුවේ.

ජය අංකය- 05

7මකර

මුදල් අර පිරිමැස්මෙන් කටයුතු කිරීමට සිතා සිටියත් හදිසි විය පැහැදම්වලට හා අනවශ්‍ය විය හියදම්වලට තම ධනය වැය කිරීමට සිදුවේ.

ජය අංකය- 05

 3කුම්භ

තම ආර්ථික මට්ටම උසස් කර ගැනීමට අවශ්‍ය වාතාවරණය උදාවේ. සමහර විට මව් පාර්ශවයේ ඥාතියෙකු සතු ධනය ඔබට අත්වීමට ද ඉඩ ඇත.

ජය අංකය- 01

 11මීන

කලා කටයුතුවල නිරත වූවන්ට හෝ කලා අංශයේ රැකියාව කරන මීන ලග්න හිමියන්ට සුබ ඵල උදාකරන දිනයකි. නිර්මාණ කරනයේ යෙදෙන්නන්ට යහපත්වේ.

ජය අංකය- 03

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles