Ceylon Gossipජ්‍යොතිෂය දවසේ පලාඵළ By ceylonradio - July 22, 2013 0 124 FacebookTwitterPinterestWhatsApp වර්ශ 2013 ජූලි විසි දෙක සඳුඳා මේෂ පවුලේ සමගියට යම් බාධාවන් එල්ල වීමට ඉඩ තිබේ. විශේෂයෙන් විවාහ යෝජනා වැනි කටයුතුවලදී නෑදෑ හිත මිත්‍රාදීන්ගෙන් බලපෑම් එල්ල වේ. ජය අංකය 03 වෘෂභ ගේ ෙදාර කටයුතුවලදී වෙනදාට වඩා වැඩි උනන්දුවක් දක්වයි. සති අන්තයේදී විනෝද ගමන් වන්දනා ගමන් ආදිය හදිසියේම ගන්නා තීරණ නිසා සිදුවේ. ජය අංකය- 09 මිථුන යෞවනයේ පසුවන අයට යහපත් විවාහ යෝජනා ගෙනදේ. සමහර විට මව්පියන්ගේද ආශිර්වාද ඇති නව සබඳතා ගොඩනැගීමට පුළුවන. ජය අංකය- 07 කටක අධ්‍යාපනය ලබන දරුවන්ට සාර්ථක ලෙස තරග විභාග ආදියට මුහුණදීමට හැකිවේ. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ යෙදී සිටින අයගේ විදේශ ගතවීමේ ප්‍රාර්ථනා ඉටුවේ. ජය අංකය- 05 සිංහ හවුල් ව්‍යාපාර ආදි කටයුතුවල යෙදෙන්නන්ට වැඩි වාසි අත්වේ. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ යෙදී සිටින්නන්ගේ බලාපොරොත්තු බොහෝ දුරට ඉටුවේ. ජය අංකය- 09 කන්‍යා නීති වෘත්තිය, වෛද්‍ය වෘත්තිය ආදි ක්ෂේත්‍රවල යෙදී සිටින්නන්ට සුබ දිනයකි. බලපොරොත්තු නොවු උසස් වීම් හෝ ප්‍රභූවරුන්ගේ ඇගයීමට භාජන වේ. ජය අංකය- 07 තුලා රැකියාවේ කටයුතු වෙනුවෙන් ඇති කැපවීම හීනවේ. මෙම නිසාම උසස් නිලධාරීන්ගේ දෝෂ දර්ශනයට ලක්වීමට ඉඩ ඇත්තේය. ජය අංකය- 03 වෘෂ්චික හදිසි ධන ලාභ ගෙනදේ. මා පිය උරුම හිමිකම් හෝ දුර ඥාතියෙකු නිසා ඉඩ කඩම් දේපළ උරුම වීමට ද පුළුවන. ජය අංකය- 01 ධනු පදිංචි ස්ථානයේ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමට හෝ පදිංචිය වෙනස් වීමට යම් කරුණු යෙදේ. රැකියාවක නිරතව සිටින්නේ නම් ස්ථාන මාරු වීමකට ද ඉඩ ඇත. ජය අංකය- 08 මකර තැන්පත් ධනය වැයවීම සොර සතුරු කරදර ආදි විවිධ බාධාවන්ට මුහුණදීඹට සිදුවේ. ඇප අත්සන් කිරීම, ගිවිසුම්වලට එළඹීම ආදිය සුදුසු නොවේ. ජය අංකය- 06 කුම්භ ආර්ථික දුෂ්කරතා අඩුවේ. තැන්පත් ධනය තරවීමට යම් හේතු කාරණා සිද්ධවේ. බොහෝ කලක් බලාපොරොත්තුවෙන් සිටි මුදලක් අතට ලැබේ. ජය අංකය- 07 මීන භූමී ලාබ ලැබීමටත් ගේ ෙදාර වාහන ආදිය ලැබීමටත් පුළුවන. ආර්ථික දියුණුවට යහපත් දිනයකි. දුර ගමන් බිමන් යෙදීමට ද ඉඩ ඇත්තේය. ජය අංකය- 01 Share