11.3 C
London
Saturday, May 17, 2025
spot_img

දහම් සිසිල රෝමයේ මුළු දෙයි

වතිකානුවට සම්බන්ධ උර්බනීත විශ්ව විද්‍යාලයයේදී අන්තර් ආගමික සමුළුවක් පැවැත්විණි. එම සුමුළුවේ තේමා පාඨය වුයේ ඇතුලත සාමය පිටස්තර සාමය පිළබඳවය. ථෙරවාදී – මහායාන-වජ්‍ර- යන තුන් නිකායන් සහ රෝමයේ බෞද්ධ පිරිසක්ද කතොලික බැතිමත්හු පුජකවරු ද සහභාගී වුහ.
මෙම සමුළුවේ මුලාසනය හෙබවුයේ වතිකානුවේ අනුතර් ආගමික සමුළුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන කාදිනල් ජියාන් ලුවී ටොරාන් පුජකතුමාය.බෞද්ධ ආගම වෙනුවෙන් මුලාසනය හෙබවුයේ රැපෙල් ලොන්ගෝ ස්වාමීන් වහන්සේය. වතිකානුවේ අන්තර් ආගමික සම්මේලනයේ උප ලේඛම් ඉදුනිල් ජානක පියතුමා එහි සම්බන්ධිකාරක කටයුතු කළ අතර රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධර්මාරාම හිමියන්ගේ ඇරයුමෙනි. දායක සභාවේ කිහිපදෙනකු දෙනෙකුද එයට සහභාගී වීමට අවස්ථාව ලැබිණි.
දඹදෙණියේ ධම්මාරාම හිමියෝ එක් සැසි වාරයකදී මුලසුන හෙබැවීය. පිරෙන්සි සමාධි විහාරාධිපති දොඩම්දෙණියේ නන්දසිරි ස්වාමින් වහන්සේද මෙම සමුළුවට වැඩම කර සිටියහ.
මුලසුන හොබවමින් අපේ හාමුදුරුවෝ දේශනයේදී පළමුවෙන්ම ආයුබෝවන් කියා කියා ආරම්භ කිරීම විශේෂත්වයකි.
අප බුදු පියාණන් වහන්සේගේ ප්‍රධාන බුද්ධ පාඨයක් වු ‘ඒහි පස්සිකෝ ‘ යන්නෙහි තේරුම ‘ එව – බලව – එන්න ඇවිත් බලන්න ‘ බුද්ධ වචනයේ තේරුම වටහා දෙමින් දහම් කරුණු රැසක් ඒ හිමියන් පැමිණ සිටි පිරිසට පහදා දුන්නේය. පුජකතුමන්ලාගේ දේශන වලදී බුදු දහම පිළිබඳව පැහැදීමක් ඇති බව වැටහිණි. කිතුනු දේව ඥාණවන්තයිනි පස්වැන්න නියම කරන පරිදි ජීවීත විනාශ කරනවා යන්න බොදුනු පංච ශිලයේ පළමු වැනි ශික්ෂා පදය වන පාණාති පාතා වේරමණි යන ශික්ෂා පදය බෙහෙවින් කතෝලික ආගම හා සැසදෙන බවත් කුමන ආගමක වුවද සත්‍ය දහම කිසිවක් කතෝලික ආගම ප්‍රතික්ෂේප නොකරන බවද කියැවිණි. බෞද්ධ සදාචාර ධර්මයේ ප්‍රධාන කරුණ වනුයේ සකල සත්වයාට මෛත්‍රීය වැඩ්මය. අපිද එය අනුමත කරමු . පුජකතුමන්ලා දේශනා කළ එවන් කාරනා තුලින් ඉතාලයේ වතිකානුවේ කතෝලික බැතිමතුන්ගේ සුහදතාව ගොඩනගාගෙන ඒ තුළින් බෞද්ධ ආගමත් සමගින් ඉදිරියට යාමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. අප තිලෝගුරු සම්මා සම්බුදු තෙමඟුල සිහි කර බෞද්ධ ආගමට ගරු කීරීමක් ලෙස වෙසක් සුභ පැතීමක් සිංහලෙන් මුද්‍රණය කරවා බෙදා හැරීම බෞද්ධ වු අපට මහත් අස්වැසිල්ලකි. ඉතාලියේ රාජ්‍යක් වු වතිකානුවේ වැනි ප්‍රබල රාජ්‍යක් අපේ පින් බිමට එවන් සුභ පැතුම් පණිවිඩයක් දීම අපේ භාෂාවෙන් කොතරම් භාග්‍යක්ද . කුමන ආගමකින් හෝ ධර්මානුකූලව මිනිස් ජීවීත පවත්වාගෙන යන්නේ නම් එයටද අප එකඟ වන්නෙමු.

30(43) 31(38)

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles