13.1 C
London
Thursday, May 15, 2025
spot_img

දළදා මාලිගාවේ දියකැපීමේ මංගල්‍යය

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යයේ දියකැපීමේ මංගල්‍යය අද(02) අලුයම සිදුකෙරිණි

ඊයේ (01) රාත්‍රී 8 .24 ට යෙදුනු සුභ මෙහොතින් වීදි සංචාරය ඇරඹූ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව මධ්‍යම රාත්‍රියේ දී පෙරහැර කරඬුව අස්ගිරිගෙඩිගේ විහාරයේ තැන්පත් කරනු ලැබීය.

අනතුරුව සතර මහා දේවාල පෙරහැර අද අළුයම මහවැලි ගගේ ගැටඹේ තොටුපොළ වෙත ගොස් දියකැපීමේ චාරිත්‍රය සිදුකළ බව අප වාර්තාකරු සඳහන් කළේය.

දියවඩන නිළමේවරයා ප්‍රමුඛ බස්නායක නිළමේවරුන් විසින් පෙරහැර මංගල්‍ය සාර්ථකව නිමවූ බව පවසමින් රාජ්‍ය නායකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සන්දේශයක් භාරදීමෙන් පසුව මහනුවර දළදා පෙරහැරේ කටයුතු නිමාවට පපත්වෙයි.

මේ අතර කතරගම ඇසළ උත්සවයේ අවසන් පෙරහැර ද ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරිණි.

මැණික් ග‍ඟේ දියකැපීමේ මංගල්‍යය අද උදෑසන සිදුකිරීමට නියමිතව තිබිණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles