12.6 C
London
Thursday, May 15, 2025
spot_img

දැනට 27ක් වැලිකඩදී මරුට

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 27 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

බන්ධනාගාරය අභ්‍යන්තරයේ කළ සෝදිසියකදී මෙසේ මියගොස් සිටි තවත් 11 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක එම්.එස්. සතීශ් කුමාර් මහතා පවසයි.

ඊයේ (09) ඇති වු ගැටුම අතරතුර රැඳවියන් විසින් ගිනි අවි 82ක් පැහැරගෙන ඇති බවත් ඉන් 76ක්ම මේවන විට සොයාගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.

එසේම පලාගිය රැඳවියන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයිද සතීශ් කුමාර් මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, යුද හමුදාව ඇතුළු පාර්ශව කිහිපයක් පරීක්ෂණ පවත්වන බවත් මිට අදාළව සවිස්තර වාර්තාවක් ලබන සඳුදා ලබාදෙන බවද ඔහු කියයි.

මේ අතර මෙම ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සංඛාව 43 ක් බව රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාර රැඳවියන් හා පොලිස් විශේෂ කාර්යබලකා සෙබළුන් අතර ඊයේ පස්වරුවේ ඇතිවූ ගැටුමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන්නන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 13 දෙනකුද, යුද හමුදා සෙබළුන් 4 දෙනකුද වන බව රෝහල් අධ්‍යක්ෂකවරයා අද දෙරණට කියා සිටියේය

     

 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles