දිනෙන් දින වැඩි වන වන සත්ව සංහාරය December 6, 2012 Comments Off on දිනෙන් දින වැඩි වන වන සත්ව සංහාරය 8 Views දිනෙන් දින වැඩිවන වන සත්ව සංහාරය නිසා ඉතා නුදුරේදීම අලින්ගෙන් තොරවූ අප්‍රිකාවක් ගැන කතා කිරීමට අපට සිදුවනු ඇත. අලින් පමණක් නොව තවත් ඉතා විශාල සත්ව වර්ග රාශියක් මෙම නීති විරෝධී දඩයම් කරුවන් නිසා වඳවීයමින් පවතී. 1979දී අප්‍රිකාවේ මිලියන 1.3ක් වූ අලි ගහනය අද වන විට ලක්ෂ 4 දක්වා අඩුවී ඇත. ඔවුන්ගෙනුත් වැඩි දෙන ජීවත් වෙන්නේ වන ආරක්ෂක නිලධාරීන් නිසාමය. අප්‍රිකාව තුල ජීවත් වන කළු රයිනෝ නම් සත්ව වර්ගය අද වන විට 4800 දක්වා අඩුවී තිබේ. ඔබ දන්නවාද , 01. ලෝකයේ සෑම දින හතරකටම වරක් වන ආරක්ෂක නිලධාරියෙකු රාජකාරියේ යෙදී සිටින විට මරණයට පත්වන බව. දැනට පසුගිය වසර දහය තුල එම නිලධාරීන් 1000ක් නීති විරෝධී දඩයම් කරුවන්ගේ සහ ආයුධ සන්නද්ධ කල්ලි අතින් මිය ගොස් ඇත. නමුත් සත්‍ය අගය දෙගුණයක් විය හැකි බව විවිධ ආයතන පවසයි. 02.වසර 2000 සහ 2010 අතර කාලයේදී වනාන්තර වලින් හෙක්ටයාර මිලියන 13ක් එලි පෙහෙළි කර විනාශ වී ඇත. 03.වසරකට වන නීති විරෝධී වනසත්ව වෙළඳාමේ වටිනාකම ඩොලර් බිලියන 10කට අසන්න අගයක් ගනී. 04. කළු රයිනෝ නම් සත්වයා තව අවුරුදු 10 කින් මිහිතලයෙන් වඳවී යනු ඇතැයි විශ්වාස කරේ. මෙම වනසත්ව සංහාරයට ප්‍රධාන හේතුව නම් ඒවාට ලබා දී ඇති මුදල්මය වටිනාකමයි. ශ්‍රී ලංකාවේද මේවනවිටත් ඉතා විශාල කැලෑ ප්‍රමාණයක් එලි පෙහෙළි කර විනාශ කැරෙමින් වන සත්ව සංහාරයක් වෙමින් පවතී. මෙයට රාජ්‍ය අනුග්‍රහයද නොමදව ලැබෙන බව නොරහසකි. Share featured Latest slider 2012-12-06 ceylonradio Share Facebook Twitter Google + Pinterest