දිඹුලාගල කුඹුරු යායකට ආකාස වස්තුවක් කඩා වැටෙයි

දිඹුලාගල කුඩාවැව කුඹුරු යායේ ගොයමට වතුර හැරවීම සඳහා පෙරේදා (29) රාත්‍රියේ කුඹුරුවලට ගිය ගොවීන් අලෝකය විහිදුවමින් කුඹුරුවලට වැටෙන කිසියම් දෙයක් දැක ඉන් බිය පත්වී ආපසු නිවෙස් වෙත පැමිණි සිද්ධියක් වාර්තා වේ.

පසුවදා (30) උදෑසන ඔවුන් නැවත කුඹුරුවලට ගොස් බැලූ විට තැන තැන විසිරුණු කළු පැහැති පාෂාණ කැබලි වැටී තිබෙනු දැක ඇත.

වැටී තිබූ සමහර පාෂාණ කැබලි ඉතාම කුඩා බවත් ඇතැම් ඒවා තරමක් විශාල බවත් එම කුඹුරු යායේ ගොවීහු පවසති.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...