දියවන්නාවට පැන්න තරුණියගේ දිවි ගලවා ගත් ආදර්ශවත් පොලිස් නිළධාරියෙක් January 23, 2013 Comments Off on දියවන්නාවට පැන්න තරුණියගේ දිවි ගලවා ගත් ආදර්ශවත් පොලිස් නිළධාරියෙක් 4 Views රාජගිරිය සහ පාර්ලිමේන්තු වට රවුම අතර ප්‍රදේශයේ පිහිටි දියවන්නා ඔයට දිවි නසා ගැනීමට පැන්න 18 හැවිරිදි තරුණියකගේ දිවි බේරාගත් වැලිකඩ පොලිසියේ වීර නිලධාරියකු පිළිබද පුවතකි මේ. පොලිස් කොස්‌තාපල් සුමේධ සිල්වා වන ඔහු සිය අත්දැකීම මෙලෙස විස්‌තර කළේය. “මේ සිද්ධිය වූදා පස්‌වරු 2.50 ට පමණ මම දියවන්නා ඔය සීමාවේ රාජකාරි කටයුතු කරමින් සිටියා. මම වැලිකඩ පොලිසියේ පරිසර ඒකකයේ සේවය කරන කොස්‌තාපල් වරයෙක්. මා රාජකාරි කටයුතු කරමින් සිටින විට රාජගිරිය පැත්තට වෙන්න දියවන්නා ඔයේ ජැටිය ළඟ ගැහැනු ළමයෙක් වාඩිවෙලා ඉන්නවා දැක්‌කා. මම මේ ගැහැනු ළමයාගේ හැසිරීම් ගැන සැක සිතුණු නිසා ඇහැ ගහගෙනම හිටියා. ටික වේලාවකට පසු ගැහැනු ළමයා එම ස්‌ථානයේ නවතා තිබුණ බෝට්‌ටුවකට නැග්ගා. පසුව ඇය බෝට්‌ටුවේ සිට දියවන්නා ඔයට පැන්නා. ඔයේ ගිලුණ ගැහැනු ළමයා එක පාරක් උඩ ආවා. නැවත යට ගියා. දෙවැනි පාරත් උඩ ඇවිත් යට ගියා. මම මගේ නිල ඇඳුමේ උඩ කොටස ගලවා සපත්තු ගලවා තවත් නිලධාරීයකු සමග බෝට්‌ටුවකින් ගැහැනු ළමයා ඔයට පැන්න ස්‌ථානයට ආවා” “මට පිහිනන්න පුළුවන් නිසා මම දෙපාරක් නොසිතා ඔයට පැන්නා. පසුව මා දිය යට ගොස් අර ගැහැනු ළමයාව උඩට ගෙනැවිත් බෝට්‌ටුවට දමාගෙන ගොඩබිමට ගෙනාවා. ඇයට සිහිය තිබුණේ නැහැ. පසුව අපි ඇයව ත්‍රිරෝද රථයකින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රැගෙන ගියා. දැන් ඇය එහි ප්‍රතිකාර ලබනවා” බදුල්ලේ ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ මෙම තරුණිය කොළඹ නේවාසිකාගාරයක සිට රැකියාවක නිරත වී ඇත. ප්‍රේම සම්බන්ධයක් මත ඇතිවූ ප්‍රශ්නයක් නිසා ඇය ඔයට පැන දිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බව පසුව පොලිසිය විසින් සොයාගෙන ඇත. “කොහොම නමුත් මට හරි සතුටුයි කෙනෙකුගේ ජීවිතය බේරාගන්න හැකිවීම ගැන. මෙම ගැහැනු ළමයා ඔයට පැන්න ස්‌ථානය අඩි 32 ක් විතර ගැඹුරු තැනක්” “අපි අවංකව කටයුතු කරන නිලධාරින් වශයෙන් හැම දෙයක් ගැනම අවධියෙන් ඉන්නේ. විශේෂයෙන් අපේ වැලිකඩ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් අමරසිංහ මහත්මයා අපට ලබාදෙන උපදෙස් දිරිගැන්වීම් අපේ ගමනට විශාල ශක්‌තියක්. ඉදිරියටත් මගේ සේවය මහජනයා වෙනුවෙන්මයි” යනුවෙන් මේ ආදර්ශවත් පොලිස් නිළධාරී සුමේධ සිල්වා මහතා පැවසුවේය. Share featured Latest slider 2013-01-23 ceylonradio Share Facebook Twitter Google + Pinterest