දියුණු වන රටවල කාන්තාවන්ට විද්‍යා ක්ෂේත්රයේ හිමි තැන ප්‍රමාණවත් ද?
September 27, 2012
253 Views
තම කුළුදුල් දරු ප්‍රසූතියට සූදානමින් සිටි සල්මා හයික් ගෙන් ඇය වැඩිපුර කැමැති දුවකට ද, පුතෙකුට ද යන්න විමසූ විට ඇය එකහෙළා ම කියා සිටියේ තමා වැඩිපුර කැමැති පුතකුට බවයි. ගැහැනුන් ජීවීතයේ පිරිමින්ට වඩා දුක් ගැහැට විඳින බැවින් තමා කැමැති පුතකුට බැව් ඇය තම පිළිතුර සාධාරණීකරණයට දක්වන හේතුවයි. බැලූ බැල්මට මෙය නිකම් ම නිකම් ගැහැනියක ගේ කියමනක් ලෙස පෙනුණ ද පුළුල්ව සිතා බැලීමේ දී ඒ තුළ සැ`ගවුණ ඉතා ගැඹුරු අරුතක් ඇති බැව් වැටහේ. එම කුඩා පිළිතුරෙන් ඇය ලොව පුරා ගැහැනුන් බහුතරයක ගේ සැබෑ තත්ත්වය විදහා පාන්නී ය.
සැම රටක ම, සැම තැනක ම නැතත් බොහෝ විට ගැහැනු අවතක්සේරුවට ලක් වෙති. දියුණු වන රටවල විද්‍යා ක්ක්ෂ්ත්රය තුළ කාන්තාව ගේ භූමිකාව ගැන ලිපියක් ලියන අන්ජනා රාම්නාත් නම් ඉන්දියානු විද්‍යාඥවරිය පවසා සිටිනුයේ යම් සමාජයක කාන්තාවකට ලැබෙන පිළිගැනීම හා එහි සමාජීය හා ආර්ථික දියුණුව ඉතා තදින් බැඳී පවතින බවයි. ඊට උදාහරණ වශයෙන් ඇය පෙන්වා දෙනුයේ කාන්තාවන්ට අධ්‍යාපන ක්ෂේත්රයේ ඉඩකඩ පුළුල් කිරීමෙන් හා කතුන් සවිබල ගැන්වීමෙන් ඉන්දියාව බොහෝ ක්ෂේත්රවල ඇදහිය නො හැකි තරම් දියුණුවක් ලබා ඇති බවයි.
90 දශකය තුළ ඉන්දියාවේ හැදී වැඩී උපාධිධාරිනියක ව විද්‍යාඥවරියක වන තෙක් ඈ ආ ගමනේ කිසිදු විටක ඇය සමාජයේ විවේචන හෝ ගැටලුවලට මුහුණු නො දුන් බැව් ඇය පවසා සිටින්නී ය. තම පවුලේ සාමාජිකයන් හා තමා හැදී වැඩුණු පරිසරය තම ගමන යැමට අවශ්‍ය පහසුකම් සලසා දුන් බැව් ඇය කියන්නී ය. තමා හැදී වැඩුණු සැප සම්පත් හා ආරක්ෂාව සපිරි පරිසරයට වඩා සැබෑ ලෝකය වෙනස් බැව් අවබෝධ කරගැනීමට ඇයට වැඩි කලක් ගත නො වුණු බවත් තමා ගේ ලෝකය හා සැබෑ ලෝකය අතර විශාල පරතරයක් තිබෙන බවත් ඇය පවසයි. ඉන්දියාව තුළ ම වුව ද නාගරික පෙදෙස්වල වසන කතුන්ට අධ්‍යාපනය ලැබීමට හා තමන් කැමති රැකියා ක්ෂේත්රය තෝරා ගැනීමට නිදහස තිබුණ ද, ඉන්දියාවේ ම ගම්බද පෙදෙස්වල කාන්තාවන්ට එම නිදහස නැත.
කුඩා බිළිඳු දියණියන් ඝාතනයට ලක් කිරීම ඉතා ඉහළ මට්ටමක පවතින උතුරු ඉන්දියානු ප්‍රාන්තයක් වන රාජස්ථානයේ පිරිමින් ගේ සාක්ෂරතාව 80.5% වෙද්දී කතුන් ගේ සාක්ෂරතාව 52.7%කි. හරිහැටි මූලික අධ්‍යාපනයක් හෝ නැති ව මේ කාන්තාවන් විද්‍යා අධ්‍යාපනයට හෝ විද්‍යා ක්ෂේත්රයන්ට අදාළ රැකියාවකට යොමු වීම විහිළුවක් යෑයි ඇය කියා සිටින්නී ය. තම පෞද්ගලික අත්දැකීම්වලට අනුව ඇය පවසනුයේ ඉතා ම තදින් තම ඉපැරැණි සිරිත් විරිත්වල එල්බ සිටින ඉන්දියානු සමාජයන්හි කාන්තාව අවතක්සේරුවට ලක් කිරීම ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. එහෙත් කතුන් ගේ වාසනාවකට මෙන් වත්මන් පරපුරේ ඉන්දීය තරුණයන් ගෙන් බහුතරය විද්‍යා ක්ෂේත්රය තුළ කතුන් ගේ දායකත්වය කිසි විටක පහත් කොට සලකන්නේ නැත.
ඉන්දියාවේ හා ඇමෙරිකාවේ තම අධ්‍යයන කටයුතුවල නිරත වූ මේ විද්‍යාඥවරිය ලොව විවිධ සංස්කෘතීන් හා සමාජ රටා තුළ හැදී වැඩුණු විශාල කතුන් පිරිසක් ඇසුරු කර ඇති අතර ලොව බොහෝ රටවල කතුන් අවතක්සේරුවට ලක් වන බවට ඇය විවිධ උපහැරණ ගෙන එයි.
වරෙක ඇය ගේ ඇමෙරිකානු මිතුරියක පවසා ඇත්තේ zපිරිමින්ට පමණක්Z යෑයි සම්මත ඇතැම් රැකියාවලට (උදා(- මෝටර් රථ කාර්මික ශිල්පය) යොමු වූ විට තමන් මුළුමනින් ම නො සලකා හැරීම්වලට බඳුන් වූ බවයි.
මැද පෙරදිග රටවල ද කතුන් විද්‍යා ක්ෂේත්රයට යොමු වීම පවතිනුයේ ඉන්දියාවට සමාන ව ය. බොහෝ අරාබි රටවල නාගරික ජනගහණය තුළ කතුන් එතරම් පහත් කොට සැලකීමට ලක් නො වුණ ද, නවීකරණයට ඉතා දැඩි ලෙස විරෝධය පාන සෞදි අරාබිය වැනි රටවල කතුන් ගේ අධ්‍යාපනයට ඉතා ම සුළු දිරිගැන්වීමක් වත් නො කෙරන තරමි. කාන්තාවන් ගේ දක්ෂතා රුචිකත්වය වැනි දේ ගැන ද ඔවුන් මායිම් කරන්නේ නැත. අප්‍රිකානු රටවල ද තත්ත්වය ද සෞදි අරාබියානු රටවලට බොහෝ සමාන ය. ඇමෙරිකාවේ දී හමු වුණු අප්‍රිකානු රටක දී කාන්තා චර්මඡේදනයට බඳුන් වූ අප්‍රිකානු ශිෂ්‍යාවක මුණගැසීමෙන් අනතුරුව මේ විද්‍යාඥවරිය කියා සිටියේ අප්‍රිකානු රටවල් යනු ලොව අනෙක් රටවල් එක්කාසු ව උදව් කළ යුතු ප්‍රදේශයක් බවයි.
බොහෝ දියුණු වෙමින් පවතින රටවල වඩාත් හොඳ යෑයි සම්මත රැකියා අවස්ථාවන් හා ව්‍යාපෘතීන් සඳහා තොරාගනුයේ පිරිමින් ය. පාලකයන් තම ආයතනවලට කතුන් සම්බන්ධ කරගැනීම දකිනුයේ අවදානමක් ලෙසිනි. කාන්තාව විවාහක කතක් නම් මේ තත්ත්වය තවත් උග්‍ර අතට පෙරළේ. කාන්තාව විවාහ වී දරුවන් ලද පසු ඇය ගේ කාලය, ශ්‍රමය හා අවධානය වැඩි වශයෙන් දරුවන් කෙරෙහි යොමු වන බැවින් රැකියාවට කාන්තාවන් ගෙන් ලැබෙන දායකත්වය අඩු වන බව ඔවුහු විශ්වාස කරති. එබැවින් නිබඳ අවධානය පවත්වාගත යුතු විද්‍යා ක්ෂේත්රයේ රැකියාවල නියෑළීම කතුන්ට අපහසු වෙයි. පරිපාලකයන් සිතනුයේ මේ සංකල්පය ඉතා තදින් සමාජයේ මුල් බැසගෙන ඇති අතර පීතෘ මූලික සමාජයන්හි මේ තත්ත්වය ඉතා ම තදින් දක්නට ලැබේ.
විද්‍යා ක්ෂේත්රය තුළ ම රැකියාවේ නියෑළෙන කතකට වුව ද යම් විද්‍යාත්මක ව්‍යාපෘතියකට තෝරා ගැනීමේ දී ලැබෙනුයේ අඩු ඉඩකි. යම් හෙයකින් මේ කත දික්කසාද වුව හොත් හෝ දැනටමත් දික්කසාද වී සිටින්නියක නම් ඇය සමාජ කොන් කිරීම්වලට ද බඳුන් වෙයි.
කෙසේ නමුත් මේ සියලු අවතක්සේරු මධ්‍යයේ සතුටු විය හැකි කරුණක් තිබෙන බැව් අන්ජානා රාම්නාත් පවසා සිටින්නී ය. ඉන්දියානු දත්තයන්ට අනුව ගිය වසරේ අලුතින් පාසල්වලට ඇතුළත් වූ ගැහැනු දරුවන් ප්‍රතිශතය 97%කි. එය අලුතින් පාසල්වලට එක් වූ ගැහැනු දරුවන් ප්‍රතිශතය 31%ක් ව පැවැති 90 දශකයේ මුල භාගයට වඩා ඉතා විශාල වැඩි වීමකි.
දැන් දැන් ඉන්දියානු දේශපාලකයන් විද්‍යා හා කාර්මික අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව තේරුම් ගෙන ඇති අතර කතුන්ට විශේෂ අවස්ථා ලබා දීමටත් අවධානය යොමු කරමින් සිටිති. ඉන්දියානු රාජ්‍ය අනුබද්ධ ආයතනයක් වන Dඊඔ නම් විද්‍යා පර්යේෂණ ආයතනය තුළ දරුවන් නිසා රැකියා අත්හළ විද්‍යා ක්ෂේත්රයේ රැකියාවන්හි නියුතු ව සිටි කතුන්ට නැවත රැකියා ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි.
ඉන්දියාව ආදර්ශයට ගනිමින් අනෙකුත් දියුණු වන රටවල් ද විද්‍යා හා ඉංජිනේරු ක්ෂේත්රවල තම ජීවිකාව ගෙන යැමේ දී කතුන් මුහුණ දෙන ගැටලු අවබෝධ කරගෙන ඔවුන්ට තම රැකියාවන්හි නියෑළීමට උදව් කරනු ඇතැයි මේ ඉන්දියානු විද්‍යාඥවරිය සුබවාදීව බලාපොරොත්තු තබයි.
featured Latest slider 2012-09-27