ශ්‍රී ලංකාවේ සොලොස්මස්ථාන අතුරින් මෙතෙක් නිශ්චිතවම සොයාගැනීමට නොහැකි වූ සමනළ අඩවියේ පිහිටි ‘දිවා ගුහාව’ හෙවත් ‘භගවාලෙන’ ශ්‍රී පාද උඩමළුවට අඩි 300ක් පමණ පහළින් මේ වනවිට සොයාගෙන ඇති බව, ශ්‍රී පාදස්ථානාධිපති රත්නපුර මහ දිසාවේ ප‍්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවැසූහ.
උන්වහන්සේ මේ බව පැවැසූයේ වාර්ෂික සිරිපාවන්දනා සමය ආරම්භ කිරීමට පූර්වගාමීව රත්නපුර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී පෙරේදා පැවැති විශේෂ සාකච්ඡවකදීය.
ශ්‍රී පාද පද්මයට අඩි 300ක් පමණ පපහලින් මහගිරිදඹ ප‍්‍රදේශයේ මෙය පිහිටා ඇතැයිද උන් වහන්සේ කියා සිටිති.
- Advertisement -