14.9 C
London
Friday, April 25, 2025
spot_img

දුරකථන චාජරයෙන් විදුලි පහනක් හඳුන්වා දුන් රත්මලානේ කාර්මික ශිල්පියා

මීට ප්‍රථමයෙන් විදුලිය වොල්ටීයතාව වැඩි වූ විට ස්වයංක්‍රියව එය විසන්ධි කරවන උපකරණයෙන් මෙන්ම දුරකථන ඇමතුම් සංඥා නාදයකින් විදුලිය විසන්ධි කරන ක්‍රමය ප්‍රථම වතාවට මෙරට හඳුන්වා දුන් මෙරට විදුලි කාර්මික ශිල්පියකු විසින් මෙවර ඉවතලන ජංගම දුරකථන වාජරයෙන් නිවසේ භාවිතයට ගත හැකි විදුලිය පිරිමසින අඩු මිල විදුලි පහනක් නිපදවා රටට හඳුන්වා දෙනු ලැබුවා.

මෙම නවතම එල්. ඊ. ඩී විදුලි බල්බය හඳුන්වා දෙනු ලබන්නේ රත්මලානේ පදිංචි ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පී ඒ. ඩී. විමලහේනගම මහතා විසිනි.

වර්තමානයේ ජංගම දුරකථන චාජර් අක්‍රීය වූ විට බොහෝ අවස්ථාවල ඒවා ඉවත දැමීමට ජනතාව පුරුදු වී ඇත්තේ අලුත් වැඩියාව සඳහා එය භාර නොගැනීමත්, ඒ සඳහා විඩංගු කිරීමට තරම් කාලයක් නොමැතිකම නිසා ඒවා මිලෙන් ඉතා අඩු මට්ටමක පැවතීම නිසාත්ය.

එමෙන්ම මෙම ජංගම දුරකථන චාජර් පරිසරයට මුදාහැරීම නිසා එහි අඩංගු මිනිස් සිරුරට අහිතකර රසායනික කොටස් හා ප්ලාස්ටික් නිසා පරිසර දුෂණයට ද ලක් වේ. ඊට සාර්ථක විසඳුමක් ලෙස මෙම නව නිපැයුම හඳුන්වා දිය හැකිය.

පුරා වසර 20කට අධික කාලයක් ක්ෂේත්‍රය තුළින් ලද ප්‍රායෝගික පළපුරුද්ද හා අත්දැකීම් උපයෝගි කොටගෙන මෙම නව නිර්මාණය කිරීමට ඔහු සමත් වී ඇත.

මෙලෙස සියයට සියයකින්ම පාහේ විදුලිය පිරිමසින විදුලි බුබුළු සෑදිම පුරා වසරක පමණ කාලයක් ඇතුළත සිදු කරන ලද පර්යේෂණ ප්‍රතිඵලයකි. ඉවත ලන ජංගම දුරකථන චාජර් කිහිපයක් භාවිතයෙන් සාදන එල්. ඊ. ඩී. බල්බ් 02 ක් භාවිතා කොට එහි සාර්ථක භාවය තහවුරු කොටගෙන ඇත.

එය එල්. ඊ. ඩී බල්බ් 44, 88, 132 ආදී වශයෙන් නිපදවිය හැකි බව ඒ මහතා කියා සිටී.

මීට ලැබෙන ප්‍රතිචාර මත ඉදිරි කාලයේ මේවා වෙළෙඳ පොළ විකුණුම් භාණ්ඩයක් ලෙස නිපදවීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටින අතර ඔහුට ඊට අනුබල දිය හැකි ආයතනයකට හෝ පුද්ගලයකුට ඇරයුම් කර සිටී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles