13.8 C
London
Wednesday, April 30, 2025
spot_img

දුව පස්වෙනි තට්ටුවේ පඩිපෙළෙන් ලිස්සා බිම වැටුණ බව මට කීවා

කොළඹ විශ්ව විද්‍යාලයේ සරසවි ගොඩනැඟිල්ලේ පස්‌වැනි මහලෙන් පහළට වැටීමෙන් ලුණුගම්වෙහෙරේ පදිංචිකාරියක වූ ශෂිප්‍රභා ගුණරත්න නම් වූ 23 හැවිරිදි ශිෂ්‍යාව ඊයේ (18) ජීවිතක්ෂයට පත්විය.

ඇය තට්ටු පහකින් බිමට ඇද වැටුණාද නැත්නම් සිතාමතා කරගත් අනතුරක්දැයි යන්න පිළිබඳ පරීක්ෂණ කුරුඳුවත්ත පොලිසිය විසින් පවත්න අතර මෙම අනතුර පිළිබඳව සරසවි සිසුන් රැසකගෙන් කටඋත්තර ලබාගත් බව පොලිසිය පැවසීය.

මේ අතර මියගිය ශෂිප්‍රභා සිසුවිය සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක උසාවියේ ඊයේ පැවැති මරණ පරීක්‍ෂණයේදී ඇයගේ පියා වන අමරසිරි ගුණවර්ධන මහතා සාක්‍ෂි දෙමින් පැවසූවේ,

“මගේ දුව කොළඹ විශ්වවිද්‍යාලයේ පස්වෙනි මහලේ පඩිපෙළකින් ලිස්සා බිම වැටී බරපතළ තුවාල ලබා මහ රෝහලට ඇතුළත් කළ බව සිද්ධිය වූ දින රාත්‍රී 10.00 ට පමණ මට දැනගන්න ලැබුණා. මියගිය දුව කොළඹ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය ලැබුවා. ඇය මෙම ආයතනයට පැමිණ මාස තුනයි ගතවී ඇත්තේ. ඇය මාසයකට දෙපාරක් පමණ අපගේ නිවෙසට එනවා. අපිද එහි යනවා. නමුත් ඇය අසතුටකින් සිටි බවක් දක්නට ලැබුණේ නෑ. 17 දා රාත්‍රී 10.00 ට පමණ විශ්වවිද්‍යාලයේ පුද්ගලයෙක් දුරකථනයෙන් දැනුම් දුන්නා බිමට වැටී රෝහල් ගතකර සිටිනවා කියා. ඊට පසු මාත්, බිරියත්, සහෝදරියත් ඇය බලන්න කොළඹ රෝහලට පැමිණියා.”

“ඇය හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති නිසා මාගේ බිරිය පමණක් ඇය බලන්නට ගියා. සිහියක් නොමැතිව සිටින බව මට බිරියගෙන් දැනගන්න ලැබුණා. ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගියා. පාන්දර දෙකට පමණ ඇයගේ යහළුවන් ද කිව්වේ ඇය පඩිපෙළින් ලිස්සල වැටුණ බවයි. මීට වඩා යමක් කියන්න මට හැකියාවක් නැහැ.”

වෛද්‍ය වාර්තා හා සාක්‍ෂි සැලකිල්ලට ගත් මරණ පරීක්‍ෂකවරයා වැඩිදුර පරීක්‍ෂණය මෙම මස 25 වන දිනට කල් දැමූ අතර එහිදී ආරක්‍ෂක නිලධාරියකු විභාගයට කැඳවන ලෙසට කුරුඳුවත්ත පොලිසියට නියෝග කෙළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles