දෙමළෙන් බණ කියා දෙමළ මනස හදන්න October 4, 2012 Comments Off on දෙමළෙන් බණ කියා දෙමළ මනස හදන්න 5 Views අපි පැවිදිබිමට ඇතුළු වන්නේ මුදල් සෙවීමටවත්, පිණ්ඩපාතය ලැබීමටවත් ජනතා ඡුන්දය අයැද සිටීමවටත් පාර්ලිමේන්තු යාමටවත් නොව සියලූ දුක් නැතිකර ගැනීමේ මාර්ගය අවබෝධ කර ගනිමින් බුදුන් වදාළ දහම මේ මිනිස් සමාජයට කියා දෙමින් අමාමහා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට යැයි ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ කැම්බර්ෆීල්ඞ් සම්බෝධි විහාරාධිපති හොරොව්පොතානේ සතීන්ද්‍රිය හිමියෝ පැවසුහ. ශ්‍රී ලංකාවේ යුද්ධය නිමවී ඇතත් යුද්ධය තිබුණා නම් මීට වඩා හොඳයැයි පවසන සමාජයක්ද අප අතර ඇති බවද මේ අනුව පැහැදිලි වන්නේ තවම බොහෝ දෙනකු මානසික යුද්ධය ජයගෙන නොමැති බවද ඒ හිමියෝ කීහ. පරාජිත දෙමළ ජාතික මානසිකත්වයට රජය සමගිය සහ සහජිවනයේ මග පෙන්වා දිය යුත්තේ බුදු දහමේ පදනම මත බවත් වත්මන් බෞද්ධ භික්ෂූන් වහන්සේ දේශපාලන ඇබිත්තියන් නොවී තම කාලයෙන් දෙමළ භාෂා දැනුම වැඩිදියුණු කරගෙන විඩාපත් දෙමළ ජන මනසට බුදු දහමේ පණිවුඩය රැුගෙන යායුතු බවත් ඒ හිමියෝ සඳහන් කළහ. Share featured Latest slider 2012-10-04 ceylonradio Share Facebook Twitter Google + Pinterest