19.2 C
London
Monday, May 19, 2025
spot_img

දෙවැනි තරගයෙත් ජය අපටයි

මේ දිනවල ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ක්‍රිකට් තරඟාවලියක්  ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරඟයෙන් ලකුණු ශ්‍රී ලංකාවට ලකුණු 17 ක ජයක් වාර්තා කිරීමට හැකිවී තිබේ.

මෙම තරඟයට වර්ෂාවෙන් බාධා සිදුවීම නිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 29 දී ලකුණු 176 ඉලක්කයක් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා දී තිබුණි.

ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2ක් අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 223ක් ලබා තිබුණු අතර මෙම තරඟයේදී නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 43ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 43ක්, කුමාර් සංගක්කාර ලකුණු 37ක් හා මහේල ජයවර්ධන ලකුණු 17ක් ලබා ගන්නා ලදී.

සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් විය.

කෙසේ වෙතත් පන්දුවර 29 දී ලකුණු 176 ක් ලබා ගැනීමේ දකුණු අප්‍රිකානු ඉලක්කය මගහැරී ගිය අතර ලබාගත හැකිවූයේ පන්දුවාර 21 දී කඩුලු 5 ක් දැවී ලකුණු 104 ක් පමණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles