දෙවැනි වතාවටත් සූරූපිනියගේ පහස පැතූ තරුණයාට​ ගුටි පූජාවක්

 

20 හැවිරිදි ඇය සුරූපිනියක් කීවොත් නිවැරදිය. වරක් දුටුවකු දෙවරක් ඇය දෙස බලන්නට තරමට ඇය ඉටි රූපයක් මෙනි. ඇයගේ වෘත්තිය ලෝකයේ පැරණිම වෘත්තිය වුවත් එය ඉතා ඉහළ මිලකට අලෙවි කරන්නට ඇය සැදී පැහැදී සිටියේ ගැනුම්කරුවන්ගෙන් කිසිදු අඩුවක් නැති නිසාය.

මේ අතර මීට මාසයකට පමණ ඉහතදී මහරගම නගරයේදී ධනවත් තරුණයකු මුණගැසුණේ අහම්බෙනි. ඔහු මඩපාත ප‍්‍රදේශයේය. දෙදෙනොගේ නෙත් එකිනෙක ගැටුණු සැණින් තරුණයාට තරුණිය කවුද යන්නත්, තරුණියට තරුණයා සොයන්නේ මොනවාද යන්නත් වටහා ගැනීමට හැකි වූයේ වසර කිහිපයක සිට රැුකියාවෙන් ලද පන්නරය නිසාවෙනි.

තරුණියගේ මුවින් ප‍්‍රථමයෙන් පිට වුණේ අය කරන මුදලය. එය තඹයකටවත් ගණන් නොගත් තරුණයා හිස වනා එයට අවනත වූයේ ගණන් ප‍්‍රශ්නයක් නැතැයි යන්න තරුණියට ඒත්තු ගන්වමිනි. තරුණයාගේ ඇරියුම මත පිළියන්දල මඩපාත නිවෙසට තරුණියට ආරාධනා කළේ දුටු පළමු දිනයේදීමය. තරුණිය සුපුරුදු ලෙසට තමන්ගේ ආරක්‍ෂකයා සමග ත‍්‍රිරෝද රථයෙන් තරුණයා පැවසූ නිවෙස සොයා ගියේ කිසිදු අපහසුවකින් තොරව යන ගමනේදී තරුණයාගේ ජංගම දුරකථන හරහා නිවසට පැමිණෙන මාර්ගය පැවසූ නිසාය. එදින අඳුර වැටෙත්ම තරුණිය නිවෙසට පැමිණීම ගැන තරුණයා ද පසු වූයේ දැඩි සතුටකිනි.

කෙමෙන් කෙමෙන් රැය පහන් වෙත්ම තරුණයාගේ නිවසින් තරුණිය පිටවූයේ පොරොන්දු වූ පරිදි ගතමනාව තරුණයා විසින් නොදීම පිළිබඳ සිතෙහි කහටක් තියාගෙනය. ත‍්‍රීරෝද රථයට ආ සුරූපී තරුණිය  ඕකා කවදා හරි මාව හොයාගෙන ආපු දවසට බලාගන්නම් යනුවෙන් මුමුනන්නට වූයේ ආරක්‍ෂකයාටද ඇසෙන නොඇසෙන ගණනටය. කාලය දින සති මාස දෙකකට වඩා යාමට මත්තෙන් සුරූපිනියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේ මඩපාත තරුණයාගෙනි. ඒ පෙර පරිදිම නිවෙසට පැමිණෙන ඇරියුමද සමගිනි.

තරුණයාගෙන් පළිගැනීමට හොඳම වේලාව මෙය යැයි සිතූ සුරූපිනිය තම ආරක්‍ෂක ත‍්‍රීරෝද රථ රියදුරාට මේ බව පවසා තවත් අයකු සූදානම් කර ගන්නා ලෙස පැවසුවේ යන ගමනේ තිබෙන තොරතුරු දන්වමිනි. කිසිදු අපහසුවකින් තොරවම තරුණිය තරුණයාගේ නිවෙස කරා ගියේ ටිකක් ? බෝවූ පසුවය.

තරුණිය නිවෙස තුළට පිවිස ටික වේලාවක් ගත වෙද්දී තරුණයා නාන කාමරයට පිවිසියේ ඇඟ පත සෝදා පිරිසුදු වන්නටය. ඔහුට එයින් එළියට පිවිසීමටවත් ඉඩක් ලැබුණේ නැත. නාඳුනන තරුණයන් දෙදෙනකු පැමිණ පහර පිට පහර දෙන්නට වූයේ කිසිදු කතා බහක් නැතිවමය. හොඳ හැටි තරුණයාට පහරදුන් තරුණයන් සුරූපී තරුණියද කැටුව නිවසින් පිට වූයේ කිසිදු දෙයක් නොවූ ආකාරයටය.

මේ අතර රාත‍්‍රී 12 ට පමණ පිළියන්දල පොලිසියේ දුරකථනයට ආ පණිවුඩයකින් කියවුණේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් නිවසට පැමිණ පහරදී ලැප් ටොප් පරිගණකයක් අත් ඔරලෝසුවක් හා ජංගම දුරකථනයක් පැහැරගෙන ත‍්‍රීරෝද රථයෙන් පලාගිය බවත් පලාගිය ත‍්‍රීරෝද රථයේ කාන්තාවක් සිටි බවත්ය. පැමිණිල්ල අනුව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සෝමරත්න විජයමුනි මහතාගේ මගපෙන්වීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නන්දසිරි ගමගේ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පහර කෑ තරුණයාගේ ජංගම දුරකථනයට එදින ලද දුරකථන ඇමතුම් සියල්ල පිළිබඳ එකින් එක අවධානයට ලක් කරමින් කළ පරීක්‍ෂාවලදී තරුණයාට පහරදීමට උපදෙස් දුන් සුරූපී තරුණියගේ ජංගම දුරකථන අංකය අනුව ඇය අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්න කිරීමේදී පහරදීමට හේතුව හා පහරදීමට පැමිණි තරුණයන් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වී යැයි පොලිසිය කියයි.

ඒ අනුව සැකකාර සුරූපී තරුණිය හා සැකකාර තරුණයන් දෙදෙනා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කළ අතර සත්‍ය වසන් කර බොරු පැමිණිල්ලක් කළ තරුණයාට අවවාද කිරීමට පිළියන්දල පොලිසිය මගින් පියවර ගෙන තිබිණි.
උපුටාගැනීම – ලංකාදීප​ Online

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...