දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ අභිනවයෙන් ඉදිකරන ලද වාහල්කඩ අද (24) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කර තිබේ.
අද පෙරවරුවේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල භූමියට පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත විය.
අනතුරුව දෙවිනුවර පරම විචිත්‍රාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර සිරිසුනන්ද ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ ද සුවදුක් විමසු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.