සාපේක්ෂතාවාදයේ පියා ලෙස හැඳින්වෙන ඇල්බට් අයින්ස්ටයින් විසින් දෙවියන් පිලිබඳව සඳහන් කොට තම අත් අකුරින්ම ලියන ලද ලිපියක් පසුගියදා මිලියන 3 ක ආරම්භක මිලකට විකිණිමට නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම පුද්ගලික ලිපි ගොනුව ප‍්‍රසිද්ධ මාධ්‍ය වෙත නිකුත් නොකරන බවද ඔවුන් පෙන්වා දෙයි. එම ලිපියේ සඳහන්ව ඇත්තේ ‘දෙවියන් යනු මිනිසුන්ගේ දුර්වලකම්වල නිර්මානයක්’ බවයි.
මෙම ලිපිය වසර 50 කට වඩා ඉපැරනි බවට එරට විද්‍යාඥයන්ගේ සංගමය පෙන්වා දෙයි. 1954 දී ජර්මනියේදී අයින්ස්ටයින් මරනයට පත්වීමට වසරකට පෙර ලියන ලද්දකි.
මෙය ඔහු විසින් එවකට ජීවත්ව සිටි දාර්ශනිකයකු වන Eric Gutking වෙත ලියන ලද අතර මෙම ලිපිය Pricenton NJ විසින් Gutking ගේ පොතකට ඇතුලත් කර ඇත.
ලිපියේ සඳහන් ආකාරයට මීට වඩා දෙවියන් පිලිබඳව තමාට අර්ථකතනයක් දිය නොහැකි බවත් දෙවියන් යනු මිනිස් සිත්වල ඇති දුර්වලකම්වල ප‍්‍රතිනිර්මාණයක් බවත් ඔහු ලිපියේ සඳහන් කර ඇත.
එමෙන්ම බයිබලය යනු ගරුකල යුතු දෙයක් වුවත් එහි සඳහන් පුරාවෘත හුදෙක් බොලඳ කථා පුවත් බවත් ඔහු සඳහන් කර ඇත. එමෙන්ම යුදෙව් ආගම මහත් බොලඳ මිත්‍යා විශ්වාසයක් බවත් ඔහු එහි සඳහන්ව තිබුන බව ප‍්‍රකාශ කෙරේ.
NEWS :RT.com