දේශගුණ විපර්යාසය නිසා තවත් දශක දෙකකින් මිලියන සියයක් පරලොව
October 16, 2012
86 Views
දැනට දේශගුණය නොතකාහැරීම නිසා සිදුවන දේශගුණික වෙනස්වීම් පාලනය කර නොගතහොත් වසර 2030දී මිලියන 100ක ජනතාවක් මියයනු ඇත. දළ දේශීය නිෂ්පාදනය සියයට 3.2කින් අඩු වී ගෝලීය ආර්ථික වර්ධනය කඩා හැලෙනු ඇත. රාජ්‍යයන් විස්සක් සහභාගීත්වයෙන් නිකුත් කළ පරිසර වාර්තාවකින් මෙම කරුණු හෙළිකර තිබේ.
ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය වැඩි වීම නිසා හරිතාගාර වායු විමෝචනය සිදුවෙයි. මේ නිසා පෘථිවියේ අයිස් ස්ථරය දියවී යෑමට ආරම්භ වී මුහුදු ජල මට්ටම ඉහළට නගී. නියඟය ඇතිවෙයි. ඒ නිසා මිනිසා ඇතුළු සෑම ජීවියෙකුගේම ජීවිතවලට තර්ජන එල්ල වන බව එම වාර්තාව එළිදැක්වූ ච්ඒඅඒ සංවිධානය පවසයි.
ගණනය කිරීම් අනුව වායු දූෂණය නිසා සෑම වසරකම මිලියන පහක ජනතාවගේ මරණය සිදුවිය හැක. රසායනික, ආර්ථිකය සහ දේශගුණ විපර්යාස නිසා ජනතාව අතර කුසගින්න සහ ලෙඩ රෝග ව්‍යාප්ත වනු ඇත. පෙට්ටේරා්ලියම් ඉන්ධන භාවිතය මෙලෙස අඛණ්ඩව සිදුවුවහොත් 2030 වන විට වාර්ෂිකව සිදුවන මෙම මරණ සංඛ්‍යාව මිලියන හය දක්වා ඉහළ යනු ඇත. මිනිස් ක්‍රියාකාරකම් නිසා 2010 සහ 2030 කාලවලදී දේශගුණික විපර්යාසයන් සිදුවන අතර එහිදී සිදුවන මරණ අතරින් සියයට අනූවකට වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ දියුණුවෙමින් පවතින රටවලය.
මේ දේශගුණ විපර්යාස නිසා ලෝකයේ දළ දේශීය නිෂ්පාදනය සියයට 1.6කින් පහත යනු ඇත. එහි වාර්ෂික වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.2ක් වෙයි. ගෝලීය උෂ්ණත්වය මෙලෙසින්ම ඉහළ යෑමට ඉඩදුනහොත් මෙම දළ දේශීය නිෂ්පාදනයහි ඌනතාවය දෙගුණයකින් වැඩිවනු ඇත.
බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥයකු වන නික්ලස් ස්ටර්ම් ආර්ථික කටයුතු නිසා සිදුවන දේශගුණික විපර්යාසයන් පිළිබඳව පැවැසුවේ ඉදිරි පනස් වසර තුළදී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2-3 වැඩිවීමට ඉඩ ඇති නිසා මිනිස් පරිභෝජනය සියයට විස්සකින් අඩුකර ගත යුතු බවය.
පූර්ව කර්මාන්ත කාලවල ගෝලීය උෂ්ණත්වය වැඩි වූයේ සෙල්සියස් අංශක 0.8කිනි.
2010දී ජාතීන් දෙසීයක්, ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකට පහත මට්ටමකින් තබා ගැනීම සඳහා තම ක්‍රියාකාරකම් පවත්වාගෙන යෑමට එකඟ වූහ.
ඉන්ධන දහනය නිසා හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් ගෝලීය දේශගුණික උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකට වැඩි නොවනසේ පවත්වාගෙන යෑම එක්තරා අන්දමක අභියෝගයක් වන බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.
නියඟය ඇතිවීම, ජල සම්පත අඩුවීම, අස්වනු හානිය, දුප්පත්කම සහ ලෙඩ රෝග වලට මුහුණදීම නිසා ලෝකයේ දුප්පත්ම රටවල් මෙම තත්ත්වය යටතේ දැඩි පීඩාවට පත්වෙති.
2030 වන විට දේශගුණික විපර්යාසයන් නිසා ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට එකොළහක් අඩුවනු ඇත.
විද්‍යාඥයින් පවසන්නේ සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වය වැඩි වන විට ගොවිතැන් නිෂ්පාදනවලින් සියයට දහයක් අඩුවන බවය.
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂික් හෂීනා ච්ඒඅඒ වාර්තා උපුටා දක්වමින් පැවැසුවේ ඒ අනුව වාර්ෂිකව ඔවුනට ආහාර අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් හතරක් අහිමි වන බවය. එය ඩොලර් බිලියන 2.5ක ආර්ථික අහිමි වීමකි.
විශාල සහ බෙහෙවින් සීග්‍රයෙන් දියුණු වන ආර්ථිකයකට පවා මෙම අනතුරෙන් ගැල විය නොහැක. 2030 වන විට එක්සත් රාජධානිය සහ චීනයේ දළ දේශීය නිෂ්පාදනය සියයට 2.1කින් අඩුවනු ඇත. ඉන්දියාවේ එම අගය සියයට පහක් වනු ඇත.
featured Latest slider 2012-10-16