බ්‍රිතාන්‍ය හැරී කුමරු නවාතැන්ගෙන සිටි ඇෆ්ගනීස්ථාන කඳවුරට පසුගිය සතියේ ප්‍රහාරයක් එල්ල වීමත් සමඟම තලේයිබානය ප්‍රකාශ කර සිටියේ හැරී කුමරු තවමත් අවදානම් තත්වයක සිටින බවය. මෙවර හැරී කුමරු ඝාතනයට උත්සහ කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින් බවත් එම වාර්තා හෙලි වී ඇත.
මේ සම්බන්ධයෙන් තලෙයිබාන් ප්රකාශයකයකු පවසා සිටියේ තම ආගමික නායක නබිතුමාට කරන ලද අපහාසයට විරුද්ධව විප්ලවකරුවන් දහස් ගණනින් තම ජීවිත ජූජාකර හෝ හැරී කුමරා ඝාතනය කිරිමට සූදානම් බවයි. නබි තුමාට අපහාසයට එරෙහිව නැගුණ විරෝධතා සමඟින් තලෙයිබාන් සටන්කාමීන් අමෙරිකානු හා බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන් තම රට හැර යායුතු බවද ප්‍රකාශ කර ඇත.
සැප්තැම්බර් 14 වනදා හැරි කුමරු ඝාතනය කිරිමට නොහැකි වුවද තලෙයිබාන් සටන්කාමීන් අමෙරිකානු නාවුක යාත්‍රා 2ක් හා ප්‍රහාරක ජෙටි යානා 8ක් විනාශ කර ඇත. එම පහරදීම් වලින් සිදුවූ විනාශය ඇමෙරිකානු ඩොලර් මිලියන 200 කට ආසන්න වී ඇති බවත් ගණන් බලා ඇත.
මෙසේ හැරී කුමරු ඝාතන සැලසුම් සඳහා තලෙයිබාන් සටන්කාමීන් ‘හැරි මෙහෙයුම ‘ ලෙස නම්කර ගත් සුවිශේෂ මෛහෙයුමක් දියත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
NEWS –rt –