13.5 C
London
Friday, April 25, 2025
spot_img

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25
අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත්කර ඇති බවයි.

ඊයේ රාතී‍්‍ර 11 යි 45ට පමණ මුහුණු ආවරණය කර ගත් පිරිසක් මෙම රාති‍්‍ර සමාජ ශාලාවට කඩා වැදී එහි හිමිකරු ඇතුළු තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමක් සිදුකර තිබෙනවා.
ඉන් බරපතල තුවාල ලැබූ රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසා නමැති පුද්ගලයා අනුරාධපුර රෝහලට රැගෙන යන අතරතුර මියගොස් තිබෙනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles