I Pad කාණ්ඩයේ අලුත්ම සාමාජිකයා විදියට ඇපල් සමාගම අලුතින් හදුන්වා දී ඇති නවතම I Pad Mini සඳහා ඇනවුම් භාර ගැනීම පසුගියදා ආරම්භ කලා. අඟල් 7.9 ක තිරයකින් සමන්විත මෙම I Pad Mini පුද්ගලයකුට තම තනි අතින් පහසුවෙන් අල්ලාගෙන සිටීමට හැකි වන අයුරිනුයි නිර්මාණය කර තිබෙන්නේ. මෙහි මිල ඇමරිකානු ඩොලර් 269 විදියට නියම වෙලා තියනවා. තිරයේ Resolution එක 1024 * 768 ලෙසත් ඝනකම 7.2mm ලෙසත් සඳහන් වන අතර මෙහි බර 0.30g වනවා. මෙහි Dual core A5 processor එකකුත් 5Mpxl කැමරාවකිනුත් සමන්විතයි. කෙසේ නමුත් මෙම නවතම I Pad සාමාජිකයාට වෙළඳපලේ ඇති අනෙකුත් Mini Tablet සමග ලොකු තරඟයක් ඇති වෙන බවට නම් සැකයක් නැහැ.
- Advertisement -