නවසීලන්තයේ පළමුවරට සමලිංගික මංගල උත්සව

නවසීලන්තයේ සමලිංගික යුවළ 31කගේ විවාහ උත්සව ඊයේ දිනයේදී පැවැත්වූණ බව වාර්තා වී තිබේ. එරට සමලිංගික විවාහ සිදුකෙරුණු ප‍්‍රථම අවස්ථාවද මෙය වෙයි. ආසියා පැසිෆික් රටවල් අතර සමලිංගික විවාහ නීති ගත කළ පළමු රාජ්‍යය වන්නේද නවසීලන්තයයි.

සමලිංගික විවාහ නීති ගත කළ ලොව 14වන රාජ්‍යය ලෙසද නවසීලන්තය සැලකේ. එරට 1955 දරන විවාහ පනතට පසුගිය අපේ‍්‍රල් මාසයේදී සංශෝධන පනතක් ගෙන එමින් මෙම සමලිංගික නීති හඳුන්වා දීම සිදු විය. නව පනත නවසීලන්ත පාර්ලිමේන්තුවේදී වැඩි ඡුන්ද 33කින් සම්මත විය.

නවසීලන්ත සමලිංගික විවාහ නීති ගත කිරීමට ක‍්‍රිස්තියානි බලපෑම් කණ්ඩායම්වලින් දැඩි විරෝධතා පැවති බවද සඳහන්ය. එරට කොන්සර්වේටිව් බලපෑම් කණ්ඩායමක් වන ෆැමිලි ෆර්ස්ට් පෙන්වා දෙන්නේ සමලිංගික විවාහ නීති ගත කිරීම යනු සංස්කෘතිය විනාශ කර දැමීමේ ක‍්‍රියාවක් බවයි.

එහෙත් නව නීති ඓතිහාසික අසාධාරණය නිමා කිරීමක් බව නවසීලන්තයේ විවාහ සමානාත්මතාව සඳහා වන ව්‍යාපාරය කියා සිටී. එම ව්‍යාපාරය සඳහන් කරන පරිදි ඔස්ටේ‍්‍රලියාවේ සමලිංගික යුවළ දහසක් පමණ සිය විවාහ ලියාපදංචිය සඳහා නවසීලන්තයට පැමිණීමට නියමිතය. එහෙත් නවසීලන්තයේදී සිදුවන ඔවුන්ගේ විවාහයන් ඔස්ටේ‍්‍රලියානු නීතිය යටතේ වලංගු විවාහ බවට පත් නොවේ.

Rivira

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...