නව ගෑස් යුද්ධ ඉස්මතු වේ

0
136

සියවසකට වැඩි කාලයක් තිස්සේ ලොව ඇති වූ ගැටුම් බොහොමක පසුපස ඇත්තේ ඛනිජ තෙල් වල පාලනය පිලිබඳ ගැටළුවකි. රාජ්‍යයන් බොහොමයක් දැන් සිය ‘කාබන් අඩි සලකුණ’ කුඩා කිරීමට උත්සාහ කරන නිසා ගෑස් සහ එහි පාලනය පිලිබඳ වන සටන් ඉස්මතු වෙමින් ඇත.

සයිප‍්‍රසය, ග‍්‍රීසිය හා සිරියාවට මේ ගෑස් යුද්ධ භූදේශපාලනයේ වැඩිපුර නියැලීමට සිදුව තිබේ. 2011 දෙසැම්බරයේ සයිප‍්‍රස් වෙරලට ඔබ්බෙන් ඝන අඩි ටි‍්‍රලියන 7ක ගෑස් සංචිතයක් ටෙක්සාස් කෝබල් එනර්ජි ආයතනය විසින් සොයාගෙන ඇත. 2010 දී ඔවුන් ඊශ‍්‍රායලයේ ද ගෑස් සංචිත සොයා ගත් අතර දැන් කුමන්ත‍්‍රණ වර්ධනය වෙමින් පවතී.

අසාද් පාලනය පෙරලීමට උදවු දෙන කටාර් රාජ්‍යය ගෑස් සම්බන්ධව ඇති තම උනන්දුව පෙන්නුම් කරයි. කටාර්හි සහයට සිටින තුර්කියටද අසාද් ඉවත් කිරීමේ අවශ්‍යතාව මතු වූයේ ඉරානය, ඉරාකය හා සිරියාව අතර ගෑස් ප‍්‍රවාහන නල පද්ධතියක් ගැන ගිවිසුමක් ඇති වීමත් සිරීයාවේ ලෙබනන් දේශ සීමාවේ සහ ටාසස් හි ගෑස් සංචිත සොයා ගැනීමත් සමඟය.

ඊශ‍්‍රායලයද නව ගෑස් නිෂ්පාදකයතු ලෙස කරලියට පැමිණ ඇති නිසා සිරියාවේ අචල උදවුකරුවකු වූ රුසියාව ව්‍යාපාරික අවශ්‍යතාවන් මත ඊශ‍්‍රායලය දෙසට නැඹුරු වී සිටියි.

ඊශ‍්‍රායෙල් වෙරලට ඔබ්බෙන් ඇති ටැමර් ගෑස් සංචිතය 2013 වන විට ගෑස් සැපයීමට සූදානමින් ඇත. 2010 දී ලෙවියතන් හි ද විශාල ගෑස් නිධියක් සොයා ගන්නා ලදී. මධ්‍යධරණී කලාපයේ මෙම සැඟවුණු ගෑස් යුද්ධ වලින් වාසි ලබන්නේ රුසියාව හා එහි ගැස්ප්‍රොම් සමාගම බව ඔවුන් කරන ගණුදෙනු වලින් පෙනෙයි.