19.4 C
London
Thursday, June 19, 2025
spot_img

නව සොයාගැනීමක් ස්ටෝන්හෙන්ජ් ඉතිහාසය අලූත් කරයි

බ්‍රිතාන්‍යයේ ස්ටෝන් හෙන්ජ් ස්මාරකය මුලින්ම සොහොන් බිමක්ද පසුව උත්සව සඳහා භාවිතා කල ස්ථානයක් ද බව නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබේ.

පුරා විද්‍යා මහාචාර්ය මයික් පාකර් පියර්සන් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සිදු කර ඇත. ශතක ගණනාවතට පෙර සැලිස්බරි තැන්නේ ඉදිවූ මෙම ගල් ආකෘතිය වැදගත් පවුල් රැසක සොහොන් බිම වන්නට ඇත.

මිනිසුන් 60 ක පමණ අස්ථි කැබලි පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබේ. සොහොන් බිම ඉදිකර තිබුණේ ක‍්‍රි. පූ. 3000 දී පමණය. එනම් මෙම ගල් ව්‍යූහය ඉදි වීමට වසර 500කට පමණ කලින්ය. මේ භූමිය වාර්ෂික ශීතඍතු උත්සවයේදී පුද්ගලයන් 4000 ක් පමණ එක්රැස් වූ තැනක් බව මෙහි තිබූ ගව දත් 80000 කින් පමණ ඔප්පුවෙයි.

ස්ටෝන්හෙන්ජ් ගොඩනගන්නට ඇත්තේ මෙම මිනිසුන් බව විශ්වාස කෙරෙයි. මෙය පැරණි බ්‍රිතාන්‍යය එකමුතු කල තැනක් බව පාකර් පාර්සන් පවසයි. එය පූර්ව ඉතිහාසයේ බ්‍රිතාන්‍ය වාසීන් ඒකරාශී වූ පලමු අවස්ථාව බව පුරාවිද්‍යාඥයා කියයි.

මෙය පූජ්‍ය ස්ථානයක් නොව ඒකාබද්ධ කිරීමේ විශාල තේමාවක් බව ඔවුන්ගේ අදහසයි. එසේ එක්රැස් වූ මිනිසුන් විසින් මෙය ඉදිකර ආපසු යන්නට ඇත.

අලූත් තාක්ෂණයන් රැගෙන යුරෝපයෙන් මිනිසුන් සංක‍්‍රමණය වූ පසු ඉදිකර වසර සිය ගණනකින් ස්මාරකයේ භාවිතය අවසන් වන්නට ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles