ලංකාවේ සමලිංගිකත්වය තවමත් නීති ගත කර නැත. ලෝකයේ ප්රමුඛ රටවල් සමලිංගිකත්වය නීති ගත කරමින් මිනිසුන්ට සිය අයිතිවාසිකම් නිදහසේ බුක්ති විඳීමට අවශ්‍ය වටපිටාව සකස් කර දී ඇත. ලොව ප්‍රසිද්ධ නළුවන්, නිළියන් ,ගායක, ගායිකාවන් ,ඇඳුම් මෝස්තර ශිල්පීන්, විලාසිතා ඉදිරිපත් කරන්නන්, කරන්නියන්, මෙන්ම සංගීතඥයින්, ව්‍යාපාරිකයින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමලිංගික විවාහයන් සිදුකරගෙන ඇතිවාක් පමණක් නොව ඔවුන් පේ‍්‍රම කරමින් දරුවන් හදාගනිමින් ජීවත් වෙති.
ලංකාවේද ජනප්‍රිය නළුවන් සහ නිළියන්, නිවේදක නිවේදිකාවන් රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නන්, විලාසිතා නිර්මාණ කරුවන් ,වේශනිරූපණ ශිල්පීන්, නර්ථන ශිල්පීන් මෙන්ම ක්‍රීඩක ක්‍රිඩිකාවන්, දේශපාලනඥයින් ඇතුළු විවිධ ප්‍රමුඛපෙලේ වෘත්තීන් හි නියුතු ප්‍රසිද්ධ බොහොමයක් අය සමලිංගිකයන් වේ .
මෑතකදී එක්තරා ප්‍රසිද්ධ, ජනප්‍රිය ,දක්ෂ ,නළුවෙකු මාධ්‍යය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අද ටෙලි නාට්‍ය ක්ෂෙත්රයේ සිටින බහුතරයක් නළුවන් ට මෙවැනි සම්බන්ධකම් ඇති බවයි. තමාට ද එවැනි බලපෑම් නිරන්තරයෙන් ඇතිව ඇති බවත් නමුත් තමාට එවැනි හැගීමක් ඇති නොවුන බවත් එම ජනප්‍රිය නළුවා මාධ්‍යය වෙත පැවසීය.
මෙවන් සමලිංගික සම්බන්ධකම් විවාහක නළු නිළියන් තුළ පවා ඇතිව ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
එහෙම වෙන්නේ ඒ අයගේ කැමැත්ත මත. කව්රුත් බලහත්කාරකම් කරලා ඇති කරගන්න දෙයක් නෙමේ. සමහර විවාහක නළුවන් ටෙලි නාට්‍ය රූගත කිරීම් වල දර්ශණ පසුතලයන් හිදී මෙවන් කාරණයකට පෙළඹෙන්නේ තාවකාලිකව වෙන්න පුළුවන්. කොහොම වුනත් සියයට අසූවක් විතරම මෙවැනි සම්බන්ධකම් වල පැටලෙනවා. ඔහු වැඩි දුරටත් පැවසීය.
පසුගිය කාලයේ ප්‍රසිද්ධ මහා නළුවෙකු සහ විලාසිතා නිර්මාණ කරුවෙකු අතර එවන් සම්බන්ධයක් ඇතිව ඇති බව කසුකුසුවක් විය. එම ඇඳුම් මෝස්තර ශිල්පියාගෙන් එම කසුකුසුවෙහි සත්‍ය තාවය පිළිබඳව විමසා සිටි අවස්ථාවේ ඔහු පැවසුවේ “එහෙම නොවුනොත් තමා පුදුම” කියාය. මේ වනවිට ඔවුන් ට මුණගැසී කතාබස් කිරීමට කොළඹට ආසන්නයේ නවාතැනත් ද ගෙන ඇති බව විලාසිතා නිර්මාණ ශිල්පියා පැවසීය. මීට පෙරද මෙම විලාසිතා නිර්මාණ ශිල්පියා ලංකාවේ සුප්‍රසිද්ධ නළුවෙකු සමගද එවන් සම්බන්ධයක් පැවති බවට ප්‍රසිද්ධ රහසක් විය.
ලංකාවේ මෙවන් සම්බන්ධකම් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැළකේ. මෙය බොහෝ විට මෙරට සළකන්නේ ලිංගික බලහත්කාරකමක් ලෙසය. වැඩිහිටි පිරිමින් විසින් අඩු වයස් දරුවන්ව සමලිංගික සම්බන්දකම් වළට පොළඹවා ලීම ලිංගික අපයෝජනයක් ලෙස සැළකේ. එයට සිර දඬුවම් පවා විඳීමට සිදුවේ.
මෙම සමලිංගික සම්බන්ධතා අතීතයේ සිට පැවත එන සාමාන්‍ය සම්බන්ධතා වන් බව ඉතිහාසඥයෝ පවා ගවේශණවළින් පසු ප්‍රකාශ කර ඇත. විශේෂයෙන් ආගමික පූජකවරුන් අතර මෙය ඉතා ඈත ඉතිහාසයේ සිට පැවතන ලිංගික කාරණයකි.
වර්තමානයේ මේ නිසාම පාප් වහනසේ පවා මේ සමලිංගිකත්වය පිළිබඳ මාධ්‍යවේදීන් කරුණු විමසා සිටිද්දී දෙවියන් වහන්සේ ඊට එකගනම් තමාට එය විනිශ්චය කිරීමට අයිතියක් නැති බව ප්‍රකාශ කර තිබිණි.
ලෝක තරුණ දිනයට සමගාමීව බ්‍රසීලයේ සතියක සංචාරයක නිරත වූ අතිපූජ්‍ය ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමය බලා ආපසු එන අතරවාරයේදී ගුවනේ සිට මාධ්‍යවේදීන් සමග සම්මුඛ සාකච්ජාවකට සහභාගී වී ඇත. එහිදී සමලිංගික පූජකවරුන් පිළිබඳ ස්ථාවරය විමසමින් නැගුණු පැණයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ සමලිංගික පුද්ගලයෙකු විනිශ්චය කිරීමට තමන් සුදුසු නොවන බවයි. දිගු කලෙක සිට වතිකානුවේ පැවති සමලිංගිකත්වය යනු විකෘතියක් යන විග්රහයට සාපේක්ෂව මෙය පාප්වරයෙක් විසින් සිදුකරන ලද විප්ලවකාරී ප්‍රකාශයක් ලෙස ලොව පුරා අවධානයට ලක්ව ඇති බව වාර්තාවේ.
ඔහු පවසා ඇත්තේ එවැනි පූජකවරුන්ට සමාව දිය යුතු මෙන්ම එය අමතක කර දැමිය යුතු බවයි. දෙවියන් වහන්සේද එසේ කරන්නේ නම් වරදක් අමතක නොකිරීමට අපට හැකියාවක් නොමැති බවද ෆ්‍රැන්සිස් පාප්තුමා පවසා ඇත.
එම චෝදනාව අදාළ වන්නේ පාපයක් ලෙස මිස ළමා අපචාරයක් වැනි අපරාධයක් ලෙස නොවන බවද පාප්තුමා අවධාරණය කර ඇත.