Wednesday , 12 February 2025

නාහෙට නාහන තරුණයින් බියපත් කිරීම

ඇමරිකාවේ චිකාගෝ නගරයේ මේ දිනවල කි‍්‍රයාත්මක පෝස්ටර් ව්‍යාපාරයක් වේ.එම පෝස්ටර් වල ‘‘ගැබ් ගත්‘‘ තරුණයින්ගේ ඡායාරූපයන් දැක්වේ.

මේ දුටු චිකාගෝ නුවර වැස්සන් මුලදී බියපත් වුවද පසුව සොයාබැලීමේදී හෙළිවූයේ මේවා පරිගණක මෘදුකාංග ආධාරයෙන් නිර්මාණය කර ඇති බවයි. විහිළුවක් සේ පෙනුනද මෙය පිටුපස ඇති පණිවුඩය නම් ප‍්‍රබලය.

පෝස්ටර් ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ චිකාගෝ නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි.දෙපාර්තමෙන්තු සංඛ්‍යා ලේඛන වලට අනුව නගරයේ බාලවයස් ගැබ් ගැනීම් ප‍්‍රමාණය ක‍්‍රමයෙන් ඉහළ යමින් පවතී.තරුණියන් අනවසර ගබ්සා කිරීම් කරා යොමුවීමේ ප‍්‍රවණතාවක්ද තිබේ.

ගැහැණු පාර්ශවයට පමණක් අනවශ්‍ය ගැබ් ගැනීමක සියලූ බර දරාගෙන සිටීමට සිදුවෙතියි බොහෝ දෙනා සිතාගෙන සිටියද එය එසේ නොව පිරිමි පාර්ශවයටත් එකසේ බලපාන බව පෙන්වීම මේ පෝස්ටර් ව්‍යාපෘතියේ අරමුණයි.

ගැහැණු පාර්ශවයට මුහුණ දීමට සිදුවන මානසික හා සමාජීය ගැටලූ වලට අඩු වැඩි වශයෙන් පිරිමි පාර්ශවයටද මුහුණ දීමට සිදුවේ.බොහෝ විට මෙවන් දේ සිදුවන්නේ නවයොවුන් තරුණයින් අතින් බැවින් ඔවුන් කෙරෙහි වන බලපෑම වැඩිය.

අනෙක් කරුණ නම් නාහෙට නාහන තරුණයින් යම් පමණකට හෝ බියපත් කිරීමයි. සත්‍ය තත්ත්වය පෙන්වා දී අනවශ්‍ය ගැබ් ගැනීම් ප‍්‍රමාණය අඩු කර ගැනීමට චිකාගෝ සෞඛ්‍ය දෙපාර්තමෙන්තු බළධාරීන් අපේක්ෂා කරයි.

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...