11.3 C
London
Saturday, May 17, 2025
spot_img

නැන්දේ… මාමේ… අපේ ගේ ගිනි ගත්තා අපි දැන් අසරණයි. පිහිට වෙන්න.

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් 773 වලගෙදර ග්‍රාමසේවා වසමේ කුරුදිප්පිට ග්‍රාමයේ පිහිටි නිවසක්‌ ගිනිගෙන පසුගියදා සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.

මේ නිසා 47 හැවිරිදි නාමදාස බණ්‌ඩාරනායක (පියා), 41 වියෑති රංජනී තෙන්නකෝන් (මව), වලගෙදර මහා විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන 6 හැවිරිදි දුලක්‌ෂ ලක්‌මාල් හා චලනි ඉමල්කා (2) නමැති සිඟිති දුවණිය ඇතුළු දරු පවුල අනාථ වී ඇත. මේ ගැන නාමදාස බණ්‌ඩාරනායක මහතා විස්‌තර කළේ මෙසේය.

මා මේ දරු පවුල රැකබලා ගන්නේ කුලී වැඩ කරල ලැබෙන සුළු මුදලෙන්. අපේ  ගෙවල් ළඟ බස්‌ එකක්‌ අයිති අයෙක්‌ ඉන්නවා. සිද්ධිය වූ දින සවස එම බස්‌ අයිති මහත්මයා අපිට කීවා කැමැති නම් කන්දේ විහාරය වඳින්න යන්න එන්න කියල. ඉතින් මුදල් අය කිරීමකුත් නැති නිසා අපිත් එහි ගියා. එහි ගොස්‌ වැඳ පුදාගෙන අපි එන විට රෑ වුණා. පසුව නිවස ළඟට එනවිට ගිනිගනිමින් තිබුණ අපේ කුඩා ගෙය අසල්වාසීන් විසින් නිවමින් සිටිනු දැක්‌කා. කොහොම වුණත් අන්තිමට ඉතුරු වුණේ බිත්ති හතර විතරයි. දැන් අපි හරිම අසරණයි. මේ වෙලාවේ අපිට කවුරුහරි උදව්වක්‌ කරනවා නම් පින් අයිති වෙනවා යෑයි ඔහු කීවේ ඉතාම දුක්‌බරවය.

මව රංජනී තෙන්නකෝන් මහත්මිය මෙසේ කීවාය. දෙවියන්ට පිං සිදු වෙන්න මගේ දරුවෝ දෙන්නා බේරල දුන්නා. ගෙයි තිබුණ පහන මගින් මෙම ගින්න ඇවිළෙන්න ඇති කියල හිතෙනවා. දැන් ඉතින් අපේ සේසතම ඉවරයි. ඉතිරිවෙලා තිබෙන්නේ ඇඳිවත පමණයි කියමින් ඇය කඳුළු පිසදමා ගත්තාය. ඉතින් මේ අසරණභාවයට පත් මොහොතේ උදව්වක්‌ කරනවා නම් පිනක්‌ යෑයි ඇය කීවේ දැඩි ශෝකී ස්‌වරයෙනි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජිනදාස සිරිවර්ධන මහතා දැක්‌වූයේ මෙවැනි අදහසකි.

  

මොවුන් කිසියම් ස්‌ථාවර තත්ත්වයකට පැමිණෙනතුරු ආහාර සැපයීම සඳහා ගම්වාසීන් විසින් වැඩපිළිවෙළක්‌ සකස්‌ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම අනපේක්‍ෂිත සිද්ධියට මුහුණදී සිටින දුක්‌බර අවස්‌ථාවේදී ඔවුන්ට කිසියම් ආධාරයක්‌ කිරීමට බලාපොරොත්තු වන අයට පහත දැක්‌වෙන ලිපිනයෙන් විමසීමක්‌ කළ හැකි යෑයි එ මහතා කීය. නාමදාස බණ්‌ඩාරනායක, කුරුදිප්පිට, වලගෙදර. (මතුගම හරහා) දු. අ. 0728293314.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles