Wednesday , 12 February 2025

නැව් සමාගමක කළමනාකරුවකු ඊයේ (18 දා) මහ දවල් උගුරු දණ්‌ඩ කපා මරා දැමූ හැටි…

නැව් සමාගමක කළමනාකරුවකු ඊයේ (18 දා) මහ දවල් සිය මෝටර් රථය තුළදී උගුරු දණ්‌ඩ කපා මරා දැමූ සැකකරු අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙසේ මරා දමා ඇත්තේ කිරුලපන පදිංචිව සිටි රංජිත් කොස්‌තා (47) නමැති නැව් සමාගමක කළමනාකාරවරයෙකි. මිනීමැරුම සිදුකළ සැකකරු ද මෙම වාහනයේ ඉදිරි අසුනේ ගමන් කර ඇති බව පොලිසිය සැක කරනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම මිනීමැරුමේ සුලමුල සෙවීම පිණිස අවට පදිංචිකරුවන්ගෙන් කටඋත්තර ලබාගෙන තිබෙනවා.

මෙම වාහනයේ පිටුපස සහ ඉදිරිපස ලාම්පු දැල්වෙමින් තිබූ අතර සැකකරු ඒ අසල දුම්රිය මාර්ගය හරහා පැනයන්නට ඇතැයි පොලිසිය කියනවා.

වාහනය නතර කර සැකකරු සහ මියගිය අය බහින්බස්‌ වී ඇතැයි සැක කරනවා.මෙම වාහනයේ සටහන් වී තිබූ ඇඟිලි සලකුණු පනහක්‌ පමණ පොලිස්‌ පරීක්‍ෂණවලට භාජන කර තිබෙනවා.

මියගිය අයගේ බිරිඳ පොලිසිය විසින් සිද්ධිය වූ ස්‌ථානයට කැඳවා ප්‍රේමලාල් රණගල මහතා ඇයගෙන් ප්‍රශ්න කලා. ඒ සියලු ප්‍රශ්නවලට ඇය පිළිතුරු දුන්නාය.

“මගේ සැමියා සිද්ධිය වූ දින උදෑසන කොල්ලුපිටියට ආවා. ඔහු කෑමට බනිස්‌ ගෙඩියක්‌ ගෙනාවා. මෙම සිද්ධිය වෙනතුරුම සැමියා ගෙදරට කෝල් කළේ නැහැ. මා දන්නා තරමට ඔහුට තරහකාරයෝ හිටියේ නැහැ. ඒ නිසා කවුරුත් සැක කරන්න විදිහක්‌ නැහැ” යෑයි මියගිය අයගේ බිරිඳ පොලිසියට කියා සිටියාය.

muder01-lankatruth muder03-lankatruth muder04-lankatruth

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...