නිට්ටඹුවේ කට්ටඩියෙක් “වාසනා” “සුරංගී” කරයි October 28, 2012 Comments Off on නිට්ටඹුවේ කට්ටඩියෙක් “වාසනා” “සුරංගී” කරයි 8 Views දරු ඵල ලබා ගැනීමට කට්ටඩියෙකුගේ සහාය පැතූ 20 හැවිරිදි තරුණියකගේ ගෙලට සුරයක් දැමීමෙන් පසු මියගිය වෙනත් ගැහැණියක් ආරූඩවීමේ පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තාවේ. සිද්ධිය සැකවින් මෙසේය. විවාහ වී වසර දෙකක් ගත වුවත් දරු ඵල නොමැති තම දියණියට දරු ඵල ලබාදීම සඳහා ඥාති දියණියන් මාර්ගයෙන් නිට්ටඹුව ප්‍රදේශයේ කට්ටඩියෙකු ඉකුත් 24 දා රාත්‍රී තම නිවසට ගෙන්වා ගෙන ඇත. රාත්‍රී 10.00 ට පමණ ශාන්ති කර්මය ආරම්භ කර වරින් වර කට්ටඩියා තරුණියගේ මව නිවසින් බැහැර කර ඇත. එක් අවස්ථාවක පිටතට ගිය මව නිවස තුළට එන විට තරුණිය සිහිසුන්ව සිට ඇත. කට්ටඩියා ඉදිරියේ වැද වැටී තම තරුණියට ප්‍රකෘති සිහිය ලබාදෙන ලෙස අයැ ද ඇය එම අවස්ථාවේ කට්ටඩියාගේ ගෙලෙහි බැඳ තිබූ සුරයක් තරුණියගේ ගෙලට දමා ඇත. එම අවස්ථාවේම වාසනා නැමති එම තරුණියට සිහිය පැමිණියත් ‘සුරංගි’ නැමැති මියගිය වෙනත් තරුණියක ලෙස කට හඩ වෙනස් කරමින් හැසිරී ඇත. පැය හතරක කාලයක් සාන්තිකර්මය සිදු කිරීමෙන් පසු දියණිය යථා තත්වයට පත් නොවීම නිසා දෙමව්පියන් අලුයම කාලයේ ගලේවෙල පොලිසියේ පිහිට පතා තිබේ. ගලේවෙල පොලිසිය කට්ටඩියා ගෙන්වා ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව මුදා හැරි බව තරුණියගේ මව සහ සැමියා පවසති. මේ වන විට කට්ටඩියා සහ ඔහු සොයා දුන් ඥාති දියණිය ද ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇත. ඔවුන්ගේ ජංගම දුරකථනද ක්‍රියා විරහිතව ඇත. අදාල තරුණිය ප්‍රකෘති තත්වට ගැනීම සඳහා සැමියා සහ දෙමවුපියන් තවත් ශාන්ති කර්ම ගනනාවක් කර ඇති අතර විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට අපේක්ෂා වෙන් සිටිති. Share featured Latest slider 2012-10-28 ceylonradio Share Facebook Twitter Google + Pinterest