16 C
London
Thursday, November 13, 2025
spot_img

නියම මැලිබන් කිරිවල ඞී. සී. ඞී. තිබෙන බව ඔප්පු කළොත් ලක්ෂ 100ක් දෙනවා

මැලිබන් මේදය රහිත කිරිපිටිවල ඞී. සී. ඞී. ඇති බව කාර්මික තාක්ෂණ ආයතනය මගින් ප‍්‍රකාශ කර තිබූ නමුත්, එසේ සිදුවූයේ මැලිබන් කිරිපිටිවල නියැදි (සාම්පල්) වෙනත් කිරිපිටි නියැදියක් සමග මාරුවීම නිසා බවත් මැලිබන් සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිය මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

මැලිබන් කිරිවල ඞී. සී. ඞී. අඩංගු බව තහවුරු වුවහොත් පැය 24 ක් ඇතුළත සියලූම මැලිබන් කිරි නිෂ්පාදන වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නා අතර ඔස්ටේ‍්‍රලියාවෙන් පමණක් ආනයනය කෙරෙන නියම මැලිබන් කිරිවල ඞී. සී. ඞී. තිබෙන්නේ යැයි ඔප්පු කරන ඕනෑම අයකුට ලක්ෂ 100ක් ලබාදෙන බවත් වීරසූරිය මහතා අවධාරණය කළේය.

මැලිබන් සමාගම ආරම්භයේදීම එහි නිර්මාතෘ සිය පාරිභෝගික ජනතාවට ලබාදුන් සහතිකය වූයේ තම සමාගමෙන් මේ රටේ ජනතාවට ලබා දෙන්නේ ගුණත්වයෙන් ඉහළම නිෂ්පාදන පමණක් බවත් අදටද එම ප‍්‍රතිපත්තියේ සියයට සියයක් පිහිටා මැලිබන් සමාගම කටයුතු කරන බවත් වීරසූරිය මහතා සඳහන් කළේය. මැලිබන් කිරි ඔස්ටේ‍්‍රලියාවෙන් ආනයනය කරන බවත්, ඔස්ටේ‍්‍රලියාවෙන් ආනයනය කරන කිරිවල ඞී. සී. ඞී. හෝ බැක්ටීරියා අඩංගු නොවන බවට ඔස්ටේ‍්‍රලියානු රජය ඇතුළු එරට රාජ්‍ය ආයතන තුනක් ශ‍්‍රී ලංකා රජයට සහතික කර ඇති බවත් හෙතෙම පැවසීය. මේ හේතුවෙන් දේශීය නිෂ්පාදන ආයතනයක් වන මැලිබන් ආයතනයට හා මැලිබන් කිරිවලට සිදුවූ අපකීර්තියට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මෙවැනි කුමන්ත‍්‍රණ මෙහෙයවනුයේ බහු ජාතික සමාගම් විසින් දේශීය නිෂ්පාදන බිඳ දැමීම උදෙසා බවත් ඒ මහතා සඳහන් කළේය.

Rivira

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles