ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ඇතුළු 16 දෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇප මත නිදහස් කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කර තිබේ.
පෞද්ගලික ඉඩමකට ඇතුළුවී දේපළවලට අලාභහානි සිදුකිරීමේ චෝදනාව මත මෙම පිරිසට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලීසිය විසින් දැනුම්දී තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව මෙම පිරිස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලදුව ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇප මත නිදහස් කළ බවත්,මෙම පිරිසට යළි ජූලි මස 28 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් නියෝග කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.
පසුගිය දිනෙක හොරගොල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට ඇතුළුවී පෞද්ගලික සමාගමක් විසින් එහි ඉදිකරමින් තිබුණු නිවාස සංකීර්ණ වැඩබිමකට අලාභහානි සිදු කළ බවට නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන,අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු 16 දෙනාට චෝදනා එල්ලවී ඇත.
මෙම පිරිස විසින් අදාළ සමාගමට ලක්ෂ හතර හමාරක පමණ අලාභයක් සිදුකර ඇති බවට චෝදනා එල්ලවී ඇති අතර මොවුන්ට ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ පැමිණිලිකාර සමාගමට තර්ජනය කරනු ලැබුවහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පමුණුවන බවයි.