නිරෝෂා විවාහ නොවන්නේ,ඇය සම්ප්‍රදායික ගැහනියක් නොවන නිසාද? May 18, 2013 Comments Off on නිරෝෂා විවාහ නොවන්නේ,ඇය සම්ප්‍රදායික ගැහනියක් නොවන නිසාද? 440 Views නිරෝෂා පෙරේරා සම්බන්ධව මාධ්‍ය තුළින් කියවන්න දකින්න ලැබෙන්නෙ හරිම කලාතුරකින්. විටෙක ඇය ඉතා නිහඩ චරිතයක්. ඇගේ ඒ නිහඩ බව විටෙක යමක නව ආරම්භයක් වන්නත් පුළුවන්. ඇය පසුගිය දිනක රේණුකා බාලසූරියගෙ පුත‍්‍රයෙකු වූ විශ්ව බාලසූරිය නිෂ්පාදන සහ කැමරා අධ්‍යක්‍ෂණය කළ නවතම සිනමා නිර්මාණය වූ ‘නොනිමි’ හි ප‍්‍රධාන භූමිකාව නිරූපණය කළා බිමල් ජයකොඩි සමග. ඇය මෙහි නව ආකාරයේ චරිත නිරූපණයකයි යෙදුනේ. ඇය ඉතා හොඳින් සහ කැපවීමෙන් යුතුව මෙහි රංගන කාර්්‍යයේ යෙදුන බව එහි ප‍්‍රධාන විධායක නිෂ්පාදකවරිය පැවසුවා. නිරෝෂා පාන්දර සිය භාවනා සහ යෝග ක‍්‍රියාකාරකම් වළින් අනතුරුව ලූ රූගත කිරීම් වළට සහභාගී වූවේ. ඇය හොඳ සහයෝගයක් ලබාදුන් බවත් ඇය ප‍්‍රකාශ කළා. නිරෝෂා සති අන්ත පුවත් පතකට ප‍්‍රකාශ කර තිබුණා ඇයගේ විවාහය සම්බන්ධව. තරුණ නිළියකගෙන් ඕනෑම මාධ්‍ය වේදියෙක් අසන සාමාන්‍ය ප‍්‍රශ්නයක් විවාහ වන්නේ කවද්ද යන්න. නිරෝෂා උත්තර දී තිබුණේ මේ ආකාරයෙන්. “සමහර ගෑනු ළමයි තරුණ වියට එළඹුණු හැටියේම විවාහයක් වෙලා පවුල් ජීවිතයක් පටන් ගන්න හිතනවා. සමහරු තරුණ වියට එළඹුණාම “මම විවාහ වෙන්නෙ මෙන්න මේ වගේ කෙනෙක් එක්ක” කියල හිතාගෙන ඉන්නව. මොකද මන්ද මට නම් තවම එහෙම දෙයක් ගැන හිතෙන්නෙ නෑ.මගේ පවුලේ අය එක්ක මට විශාල බැඳීමක් තියෙනව. මම නිදහස අගය කරන කෙනෙක්. මම විවාහ වෙලා දරුවො හැදුවෙ නැති වුණාට රටේ විවිධ දුෂ්කර පළාත්වල පාසල් දරුවො ගණනාවකට මම ඉගෙන ගන්න උපකාර කරනවා.හැබැයි මට විවාහ වෙන්න උනන්දුවක් නෑ. හැම කෙනාම බඳින නිසා මම බැන්ඳෙ නෑ කියල ප්‍රශ්නයක් නෑ නේද?” නිරෝෂා විවිහය සම්බන්ධව උනන්දුවක් ඇති බවක් මේ තුළින් පෙනෙන්නට නැහැ. ඇය දැන් සම්ප‍්‍රදායික විවාහ වන වයස් සීමාව තුළ සිටින්නියක්. කෙසේවුවත් නිරෝෂා නිදහස අගයන, නිහඩව බොහෝ සමාජ සේවා කටයුතු වළ නියැළෙන, අධ්‍යාත්මික නැඹුරුවක් ඇති අයෙක්. ඇය ජීවිතය පිළිබඳව, විවාහය පිළිබඳව සම්ප‍්‍රදායික ව සිතන අයෙක් නොවේ. ඇය විවාහ නොවනවානම් එයට හේතුවත් මේ අවබෝධය සහ අධ්‍යාත්මික නැඹුරුවම විය හැකියි Share featured Latest slider 2013-05-18 ceylonradio Share Facebook Twitter Google + Pinterest