Ceylon Stars නීටා පුනාන්දු හා යොලන්ඩා මැදිහත් වීමෙන් රඟපෑ ‘විහාරා’ නිසා අනූෂා බයෙන් By ceylonradio - June 19, 2013 0 142 FacebookTwitterPinterestWhatsApp මෝස්තර නිරූපිකාවක් හා නිළියක් වන අනූෂා රාජපක්ෂ රංගනයෙන් දායක වූ ඉදිරියේදී තිරගතවීමට නියමිත ස්වර චිත්‍රපටයේ විහාරා ගේ චරිතය නිසා ඇයට සමාජයේ වපරඇස එල්ලවෙතැයි චකිතයෙන් සිටින බව වාර්තා වෙනවා. කෙසේවවුද මෙම සිනමා පටයේ සම්මානනීය නිළි නීටා ප්‍රනාන්දු මහත්මියද රගපා ඇති බැවින් සමාජයෙන් එවැනි බලපෑමක් එල්ල නොවෙතැයි යන විශ්වාසයක්ද ඇයගේ සිතේ කොනක ඇතැයි පැවසෙනවා. ඇය එම චරිතයට තේරී ඇත්තේ අහඹු ලෙස බවද පැවසෙනවා. අනූෂාට එම අවස්ථාව ලබාදීමට නීටා පුනාන්දු හා යොලන්ඩා මැදිහත්වූ බවද මේ අතර වාර්තා වෙනවා. ඇය මේදිනවල දිව්‍යා ටෙලියේ හා ප්‍රීතිරාජ් වීරරත්නගේ පළමු ටෙලි නාට්‍යටද රංගනයෙන් එක්වී සිටින්නීය. පෙම්බරයාණෝ හා නයිට් ලර්නර්ස් වැනි ටෙලි හරහා අනූෂා ටෙලි ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වූවාය. Share