අමාත්‍යවරයෙකු විසින් මන්නාරම මහෙස්ත්‍රාත්වරයාට තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් හෙට(20) අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ.
අදාළ ක්‍රියාමාර්ගය සඳහා විනිසුරුවරුන්ගේ සංගමයේ සහයෝගය ද හිමිවන බව සඳහන්ය.
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විසින් දී ඇති නියෝගයක් සම්බන්ධයෙන් රජයේ ඇමතිවරයෙකු විසින් දුරකථන මාර්ගයෙන් තර්ජනය කොට එකී නියෝගය වෙනස් කරන ලෙස බලපෑම් කර ඇති බවත්,එසේ නොකළහොත් මන්නාරම කුපිතවී ගිනිගනු ඇතැයි තමන්ට තර්ජනය කළ බවට මහේස්ත්‍රාත්වරයා විසින් තම සංගමයට දැනුම්දී ඇතැයි අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය පවසයි.
අමාත්‍යවරයාගේ බලහත්කාරය මත මන්නාරම මහේස්ත්‍රාත්වරයා තම නියෝගය වෙනස් නොකළ බැවින් අදාළ අමාත්‍යවරයා විසින් උසිගන්වනු ලැබූ පිරිසක් අධිකරණය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරී අධිකරණ සංකීර්ණයට පහරදීමක් සිදුකර ඇති බවත්,එමගින් අධිකරණ සංකීර්ණයේ ගොඩනැඟිලිවලට අලාභහානි සිදුව ඇති බවත් සඳහන්ය.