නීල් ආම්ස්ට්‍රෝංගේ 83 වන ජන්ම දින සැමරුම

සඳ මත පා තැබූ පළමු මිනිසා ලෙස සැලකෙන නීල් ආම්ස්ට්‍රෝංගේ 83 වන ජන්ම දින සැමරුම අදට යෙදී තිබේ. උපත ඔහු අමෙරිකාවේ ඔහියෝහිදී උපත ලැබුවේ, 1930 වර්ෂයේ අගෝස්තු මස 05 වන දා ය. විගණන නිලධාරියෙකු වූ ස්ටීවන් ආම්ස්ට්‍රෝං ඔහුගේ පියා වූ අතර ඔහුගේ මව වියොලා ඒන්ජල් ය.

නීල් ආම්ස්ට්‍රෝං ඉපදී වසර 5ක් ඉක්මවූ පසු 1936 වසරේ ජූලි මස 20 වන දා පළමු වරට සිය පියා සමග ගුවන් ගමනක අත්දැකීම් ලැබීය.

ගුවන් නියමුවෙකු බවට පත් වීම

ඔහු ගුවන් නියමුවෙකු ලෙස සහතික ලබා ගැනීමට සමත් වූයේ, 15 හැවිරිදි වියේදී ය.

ඒ, සාමාන්‍ය රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට ද පෙර යි.

1947 වසරේ, එනම් 17 වන වියේ පසුවද්දී නීල් ආම්ස්ට්‍රෝං ගුවන් යානා ඉංජිනේරු උපාධි පාඨ මාලාවක් හැදෑරීය. එම උපාධිය සම්පූර්ණ කරමින් ඔහු ගුවන් යානා ඉංජිනේරු ශිල්පය පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ගත්තේ, 1955 වසරේදී ය.

සඳ මත පා තැබීම

නීල් ආම්ස්ට්‍රෝං ඇපලෝ 11 අභ්‍යවකාශ යානයේ ප්‍රධාන අණ දෙන නිලධාරියා බවට පත් කෙරුණේ, 1968 වසරේ දෙසැම්බර් මස 23 වන දා ය.

ඔහු 1969 වසරේ ජූලි මස 20 වන දා UTC හෙවත් විශ්ව සම්මත වේලාවෙන් 20:17:39 ට සඳ මත පා තැබී ය.

සඳ මත පා තැබූ පළමු මිනිසා යන ‍ගෞරවනීය හැඳින්වීම ඔහු ලැබුවේ, එම ඓතිහහාසික මොහොතේදී ය.

ඔහු පළමු වරට සඳ මත පා තැබුවේ, පළමු වරට ගුවන් ගමනක අත්දැකීම් විඳ හරියට ම වසර 33කට පසුව යි.

අවසන් සමය

ජීවිතයේ සැඳෑ සමයේදී මඳ අසනීප තත්ත්වයක පසුවූ නිල් ආම්ස්ට්‍රෝං පසුගිය වසරේ එනම් 2012 වසරේ අගෝස්තු මස 7 වන දා බයිපාස් ‍ශල්‍යකර්මයකට භාජනය විය.

ඔහු අභාවප්‍රාප්ත වූයේ, ඊට දිව කිහිපයකට පසු එනම් පසුගිය වසරේ අගෝස්තු මස 25 වන දා ය.

අමෙරිකාවේ ගෞරවය

අමෙරිකාව නීල් ආම්ස්ට්‍රෝං වීරවරයෙකු ලෙස සර්වකාලීනව සලකයි. ඔහුගේ අභාවයෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකාව පැවසුවේ, ඔහු සර්වකාලීනව අමෙරිකානු වීරවරයෙකු ලෙස ය.

එහි වැඩිදුරටත් සඳහන් වූයේ, නීල් ආම්ස්ට්‍රෝං යනු කිසිදිනෙක අමතක කළ නොහැකි ජයග්‍රහණයක් අත්කර දුන් අමෙරිකානු පුරවැසියෙකු බව ය.

newsfirst.lk

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...