14.8 C
London
Friday, May 23, 2025
spot_img

නුවන් කුලසේකරගේ අඩුව පිරවීමට නුවන් ප්‍රදීප්

ඉන්දියාව සමග පැවැති පළමු එක්දින තරගයේදි ආබාධයකට ලක්වු ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වෙනුවට නුවන් ප්‍රදීප් ‍ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.

නුවන් කුලසේකර පසුගිය තරගයේදි ආබාධයකට ලක්වීම නිසා ඔහුට එම තරගයේදි යැවීමට හැකි වුයේ පන්දුවාර 05 ක් පමණි.

ඒ අනුව වේග පන්දුයවන ක්‍රීඩක ‍නුවන් ප්‍රදීප් රොෂාන් සංචිතය සඳහා නම් කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා ඒ කණ්ඩා‍යමේ දකුණු අප්‍රිකානු සංචාරයට ද සහභාගි විය.

ඒ අනුව ඉන්දියාව සමග පැවැත්වෙන ඉදිරි තරගවලදි නුවන් ප්‍රදීප්ට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරිමට ලැබුණහොත් ඔහු මංගල එක්දින වරම් හිමිකරගනු ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles