නොබෙල් සාහිත්‍ය සම්මානය චීන ගත්කතුවරයකුට October 16, 2012 Comments Off on නොබෙල් සාහිත්‍ය සම්මානය චීන ගත්කතුවරයකුට 7 Views මෙම වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර ගැනීමට චීන ජාතික ප්‍රකට ගත්කතුවරයකු වන ‘මෝ යාන්’ සමත් වී ඇත. කෙටි කතා රාශියක්ම රචනා කොට ඇති දක්ෂ ලේඛකයකු වන ‘මෝ යාන්’ සිය ප්‍රථම නිර්මාණය එළිදක්වා ඇත්තේ 1981දීය. ඉතිහාසය හා සමකාලීනත්වයක් ගැමි කතාවලින් මතුවන මායාමය යථාර්ථවාදයත් කැටිකර ගනිමින් කෙටිකතා රචනයේ නියැළෙන මෝයාන් නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර ගත් එකසිය නම් වැන්නාය. බ්‍රිතාන්‍ය පවුම් හත් ලක්ෂ හතළිස් එක් දහසක් ත්‍යාග මුදල ලෙස මෝ යාන් හට හිමි වූ අතර එය චීන ජාතිකයකු විසින් නොබෙල් සාහිත්‍ය සම්මානය දිනාගනු ලැබූ පළමු අවස්ථාවද විය. Share featured Latest slider 2012-10-16 ceylonradio Share Facebook Twitter Google + Pinterest